A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

තමන් පැහැරූ අසූචි ගොඩේ ඇති සතය දිවෙන් ලෙවකා ගැනීම


මේක ඉවරයක් නැති ලැජ්ජා නැති කමකි.

හතරවන ඊළාම් යුද්ධයට මතවාදීමය දායකත්වයද ඔවුන්ගේ ‘අභීත රණවිරුවන්ට’ කායික මානසික ධෛර්යය ලබාදී කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමට සහයෝගය ලබා දුන්නේ වෙන කිසිවෙක් නොව සෝමවංස-බිමල්-අනුර-විජිත ගේ ජවිපෙ ය. සාමාන්‍ය වැසියන් දස දහස් ගනනක් මරා දමා හෝ ත්‍රස්තවාදීන් අතුගා දැමීමට ඔවුනට ආණ්ඩුව සමඟ කිසිම  කොන්දේසියක් නොතිබිණ. තමන්ව සමූල ඝාතනය කළ හමුදාව වෙනුවෙන් බෝධි පූජා පවත්වන්නට හිරිකිතයක් හෝ ඝාතනයට ලක්වුණු සිය සහොදර සහෝදරියන් වෙනුවෙන් බිංදුවක සදාචාරයක් ජවිපෙට නොතිබුනේය.


දැං ජවිපෙට ඉතිරි වුණු ත්‍රස්තවාදීන් දේශපාලන සිරකාරයින් වී ඇත. ජාතිවාදයේ උන්මත්තක භාවයෙන් සිටි ජවිපෙ දැං සහෝදරත්වයක් ගැන කතා කරයි. සිංහල චන්ද පදනම නාය යන විට පිදුරු ගසෙත් එල්ලෙන බලං සිටින දෙමළාගේ අසරණ බව කොල්ලකන්නට බලා සිටියි.

සියලූ ආකාරයේ ජාතිවාදයන් ප‍්‍රතික්ෂේප කොට ජාතික සමගිය ඇති කිරීම සඳහා ජාතිකත්වයන් අතර සහෝදරත්වයේ දිනය ලෙස සමාජවාදී තරුණ සංගමය විසින් ජුලි 23 දිනය නම් කර ඇති බවත් ඒ නිමිත්තෙන් රට පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. සමාජවාදී තරුණ සංගමය කළ විමර්ශනයකට අනුව, දෙමළ දේශපාලන සිරකරුවන් 4700ත් 5200ත් අතර ප‍්‍රමාණයක් නොදන්නා ස්ථානවල රඳවාගෙන සිටින බව පැවසූ ඒ මහතා ඔවුන් නිදහස් කර ඔවුන්ට සාමාන්‍ය ජීවිත ගත කිරීමට අවස්ථාව ලබා දිය යුතු යැයිද පැවසීය.


ඉහතින් දැක්වෙන්නේ මෙම වැඩසටහන වෙනුවෙන් සෑදු ප්‍රචාරක දැන්වීමක කොටසකි. පොත්ත රතු සිංහලයාගේ සහ කළු දෙමළාගේ මානසිකත්වයෙන් ගැලවෙන්නට බැරි ජවිපෙ, දශක හතක් පමණ පැරණි දෙමළ ජනාතාවගේ අරගලයට විසඳුම් දෙන්න හදන්නේ දෙමළ හා සිංහල ගම්  අතර ක්‍රිකට් තරඟ පැවැත් වීමෙනි.


2 comments:

  1. පොත්ත රතු සිංහලයාගේ සහ කළු දෙමළා

    ReplyDelete