A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ආසනික් ආතල්


බාස් වැඩේවත් නොදන්න උඹට ඉදිකිරීම් ඇමති කමත් දුන්නා. මල්ලි උඹ ගිහින් මොකෙක් හරි හතුරෙක් හොයා ගෙන වරෙන්

හැම එකකටම කොටි කොටි කිය කියා හිටිය මහින්ද එල්ටීටීය නැතිවීමෙන් පසු බනින්න හතුරෙක් හොයාගන්න වැඩේ විමල්ට පැවරුවේය.

ඔලුව කහ කහා ගිය විමල් පියසිරි ට වැඩේ කිව්වේය.

ලොක්කා මොකද පාන් පිටි වගේ දෙයක්

පාන් පිටි....? කොහොමද බං මං මහින්ද අයියට පාන් පිට්ටක් ගැන කියන්නෙ. මොනව හරි ලෝකෙට දෙසාබාල වරෙන්

පියසිරියා පිස්සා වගේ හන්දියක් හන්දියක් ගානේ පාන් පිටි වලට ත්‍රස්තවාදී ලේබලයක් ගැහුවේය. පාන්පිටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට මාරාන්තික උපවාසයක් පවා සිදු කරන බව කීවේය.

වැඩේ ටිකක් නැගල යන විට විමල් මල්ලී මහින්ද අයියාගේ කනට ළං උනේය
.
අයියා හතුරා හම්බ උනා...... පාන් පිටි

මොන රෙද්දක් ද යකෝ........ පාන් නොකා මගේ කොල්ලො ටික අල කන්නද. ගිහින් වෙන හතුරෙක් හොයං වරෙංමහින්දගේ මළට විමල්ට චූ නොගියේ සිහල උරුමයේ අවාසනාවටය.

දහ අතේ.... කල්පනා කර කර ඉන්නකොට අහම්බෙන් හම්බවුණ නලින්ට මේ වැඩේ කිව්වේය.

නලින් සර්.... ලොක්කට හතුරෙක් ඕන වෙලා......වාක්‍යය ඉවර කරන්නවත් හම්බ උනේ නැත.

මම නාථ දෙයියන්ගෙන් අහල කියන්නම්මහාචාර්ය තුමා කීවේය.

ටික දවසකින් විමල් ට නලීන් සර් ගෙන් එස්එම්එස් එකක් ලැබුනේය. එහි තිබුනේ එක වචනයකි.

ආසනික්

සාකච්චා වට කිහිපයකින් අනතුරුව ආසනික් ත්‍රස්තවාදියා කිරීමේ රසායනික මෙහෙයුම කැළණිය දේවාලයෙන් පටන් ගත්තේය. කුඹුරු වල හාල් වල බත් වල ආසනික් තියෙන බව පත්තරයක් ගානේ ලියෙව්වේය. හම ගිය කකුල් අතපය වල පින්තූර හොය හොයා දැම්මේය. ආසනික් ආතල් නම...කුකුලු අන්ඩක් කකා විස්කි බොන එකා දිවයින කතුවැකියෙත් ලිව්වේය.

වැඩේ හරි විමලයා ආයෙත් මහින්ද අයියාගේ කනට ළං වුනේය.

මේ පාර නම් හරි ...... හතුරා හම්බ උනා....... ආසනික්

මක්කෙයි..............මහින්ද ඇහුවේය.

බත් ඇටයක් කන්න එපා......ඕවගේ අධිරාජ්‍යවාදී ආසනික්විමලයා පැහැදිලි කලේය.

බත් නොකා කොහොමද යකෝ........නාථයා නෙමේ මොකා කිව්වත් ......මං කනවා බත්මහින්ද උඩු රුවුල උපරිමේට පළල් කර ගිගුරුවේය. විමලයා දිව්වේය.

ඊලඟ සතියේ පත්තරයක නලින් මහාචාර්ය තුමාගේ සාකච්චාවක් තිබුනේය.

මාත් කනවා බත්’ 

No comments:

Post a Comment