A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කොරලා බලපල්ලකෝ....


චන්ද මංකොල්ලයේ ඔස්තාද් ලා වන මහින්ද-බැසිල්-ගෝඨාභය තුන් කට්ටුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දෙමළ එක්සත් පෙරමුණ ට දිනන්නට ඉඩ දී  ප්‍රජාතන්ත්‍රවාදී වූ අන්දම සිහිවෙන විට මතක් වුනේ පරණ ගුරුවරයෙකු වූ ඔස්ටින් සර්වයි. 

හූ කිව්වොත් චූ යන්න යටි බඩට අනින ඔසටින් සර්ගෙ පන්තියටත් ළමයින්ගේ කැමැත්තෙන් හැම පාසැල් වාරයකම මොනිටර් කෙනෙක් පත් වෙනවා. ඌට කරන්න පුළුවන් කෙහෙල් මලක් නැහැ. ළමයින්ගෙ හැම මඟුලකටම අම්මමුත්ත නැතුව බැනුම් අහන්නෙ ඌ. ඔස්ටින් සර් චූ යන්න යටි බඩට ගහන එකේ නැවතුමක් නැහැ. මොනිටරය කියල බලන්නෙ නැහැ ඌටත් නෙලනවා.

ඔය පළාත් පාලන ආයතන වලට මොන මොනිටරය ආවත් බඩට නෙලන්නෙ ඒ දෙපලාත් පාලනය කරන හමුදා පාලනාධිකාරය. රාජපක්ෂ රෙජීමය ඒක හොඳට දන්නවා. රාජපක්ෂ ගැති හමුදා ලොක්කො අත දිග ඇරල ඔය දෙපලාත හූරල කකුලු දෙක ගාවටම ගෙනත්ල දෙයි. දැන් ඉතිං ඉන්දියාවට කියල දෙන්න පුළුවං ‘ඹන්න අපි දෙමළුන්ට බලය බෙදා හැරිය. දැං ඉතිං කොරල පෙන්න පල්ලා කියලා’. යූඑන් එකට ඇමෙරිකාවට පෙන්නල දෙන්න පුළුවං අපේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන.

ඒ ඇරුනාම ටීඑන්ඒ එකට වෙන්නෙ හැම මඟුලකටම බැනුම් අහන්න මොනිටරයට උනා වගේ. ඒ පළවෙනි දේසනාව රණවක සිල්වතා කරල තිබුණා.

“අපේ රටේ සිංහල ජනතාවගේ වෛරය පාදන කතා නොකර දෙමළ ජාතික සන්ධානයට දැන් පුළුවන් ඒ ඇත්තන්ගෙ ගම හදල පෙන්වන්න. එයාලගේ ප‍්‍රාදේශීය සභාවල් හදල පෙන්වන්න. විදුලිය පාරවල් නැවත පදිංචි කිරීම් කරල රටට ආදර්ශයක් දෙන්න දැන් පුළුවන්. කවදාවත්  ඕක කොරල තිබුනෙ නැහැනෙ. දැන් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. දැන් මෙහෙට දොස් කියල වැඩක් නෑ. දැන් ඒ ඇත්තො තමන්ගේ ගම නගරය ගොඩ නැගීමේ අභියෝගය බාර අරගෙන කටයුතු කළ යුතුයි. වෙන බලතල ඉල්ලන්නෙ නැතිව.”

සිල්වතා හිතන්නෙ දෙමළ මිනිස්සු කොටි පාලන ප්‍රදේශවල හාමතේ මැරිලා හිටිය කියල. මොකක් හරි ක්‍රමයකින් අතීතය හාර අවුස්සන්න තරම් මිත්‍රකමක් හදා ගන්න පුළුවන්නම් ඒ පළාත් වල හිටිය මිනිස්සු කියයි තමන්ගෙ සංස්කෟතිය සදාචාරය සභ්‍යත්වය රැක ගෙන ඒ පලාත්වල ජීවත්වෙච්ච විදිහ. බිම් බෝම්බයි අහස් බෝම්බයි ඇරුනාම ආණ්ඩුවෙන් දුන්න කිසිදෙයක් නැතත් පුළුවන් විදියට කාල බීල නිදාගත්තා. අනිත් එක දෙමළ ජනතාවට උපදෙස් දෙන රණවක උන්නැහැ හිතාගෙන ඉන්නෙ සිංහල අපිට මේ වෙන කොට රාජපක්ෂ ආණ්ඩුව යටතේ සෞභාග්‍යය උදා වෙලා කියලා.

මොනවා උනත් දෙමළ මිනිස්සුන්ට කොන්දක් තියෙන බව නම් චන්දෙන් පෙන්නල දුන්න. චන්දෙ නොදුන් ප්‍රතිශතය බැලුවාමත් ඒක පේනවා (හැබැයි අතුරුදහන් වෙච්ච ගොඩත් එතන ඇති). චන්දෙ ඉල්ලපු පලාත්වල යූඑන්පී එකයි ජේවීපී එකයි දෙකටම කූජිත වෙන්න දීල තිබුණා.

සෙප්පඩ විජ්ජා පෙන්නවා මිසක් ‍ දෙමළ ජාතිය විනාශ කරන එක රණවක-රතනලගේ ආණ්ඩුව නවත්තන්නෙ නැහැ.

1 comment:

  1. මිලිටරි පාලනයක් යටතේ "සංස්කෟතිය සදාචාරය සභ්‍යත්වය රැක ගෙන" ජීවත් වුනා කියන එක නම් විහිලු කතාවක්... ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන ඔබ කියන දෙයට එකගයි. ඒත් LTTE ක්‍රියා කලාපය හොඳ බව ඔබ අඟවා තිබෙනවා.. මිලිටරි පාලනය ආණ්ඩුව කලත් LTTE එක කලත් එකේ වෙනසක් නෑ. අවශ්‍ය වන්නේ තමාගේ ප්‍රදේශයේ වැඩ කිරීමට බලය ඇති ප්‍රාදේශීය පාලනයක්..

    ReplyDelete