A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

නාථගෙ ඔත්තුවට දෙවොල්ට පැමිණිලි කිරීම

(නාථ ගේ පයිණ්ඩය කියන්නට රතන සාදු දොවොල් මුණ ගැහෙන්නට යන අයුරු ඉහතින් දැක්වෙයි)


ලංකාව ඇදගෙන යන විදිහ සහ කට්ටිය දිහා බැලූ විට දැං ඉතිං දෙයියංගේම පිහිටයි. මන්ද බුද්ධික චීවර ධාරියෝද ගොඩ දොස්තරවරුද අඩු මානසික මහාචාර්යවරුද හරි හරියට දෙවියන් සමඟ කොමියුනිකේට් කරති. ඒ ගැන ආඩම්බරයෙන් ටෝක්ස් දෙති. දැං ම. සිල්වාගෙයි න. සිල්වාගෙයි වෙනසක් නැත. දෙන්නටම අවශ්‍යනම් එකට තිරුපති ගිය හැකිය. ඒත් සිල්වාගේ වටේ උන්න උන් අත අරින්නේ නැත. ලියති...කියවති..අදිති...  තාම උන් සිටින්නේ ලොක්කාගේ උනාට උං හිතන මගේ ලෝකයේය. ‘ලොක්කා නාලා වැඩියි බං ගොඩ ගන්න බෑ’ .. රෑට කතාවෙනවලු කට්ටිය.

කිසිදෙයක් මොකටද....මේ ‍ටිකෙන් ගොඩගන්න ජාතිවාදී බුරුත්ත එක්කහු උනත් බැරිය.
------------------
නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම් මේ සොයා ගැනීම් සඳහා උපකාර වුණා යෑයි පළ වී ඇති තොරතුරු සහ මේ ක්‍රමවේදය අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද?
නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.

ආහාරවල පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙන බවට මුලින්ම තොරතුරු කිව්වෙ ඒ මහත්මියද?
රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.
අපේ රටේ කිසිදු විද්‍යාඥයකුට මෙවැනි අදහසක්‌ පහළ වෙලා නැහැ. අවුරුදු 18 දී විශ්වවිද්‍යාලයට ඇවිත් අවුරුදු 66 ක්‌ විශ්වවිද්‍යාලයේ හිටපු මම අපේ රටේ බුද්ධිමතුන් හොඳට හඳුනනවා. අපේ විද්‍යාඥයො කරන්නෙ පොතේ තියෙන දෙයක්‌ අරං ප්‍රශ්නයක්‌ විසඳනව මිසක්‌ ඔවුන්ට අලුත් අදහස්‌ නෑ. අදහස්‌ පහළ වෙන්නෙ කොහොමද කියලවත් අපේ අද විද්‍යාඥයො දන්නෙ නෑ.


මහාචාර්ය (මර්වින් සිල්වට තියෙන එකේ ලොකු එක) නලින් ද සිල්වා - දිවයි‍න පත්තරෙන්

No comments:

Post a Comment