A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මහජනතාව කෝ කෝ


ඊජිප්තුවේ තිස් අවුරුදු මුබාරක් රෙජිමය පරදවා 2011 පෙබරවාරි 11 දින ජනතා බලය ජය ගෙන ඇත. ඊජිප්තුවේ හෙට දවස කුමක් වේදැයි අනුමාන කළ නොහැකි මුත් කිසිම ආකාරයේ ප්‍රබල දේශපාලන හෝ සිවිල් නායකත්වයක් නොමැතිව මහජනතාවගේ ශක්තියෙන් සිදු කරණ ලද මෙම අභිමානවත් අරගලයේ ජයග්‍රහණය කාගේතු ඇස් ඇරවන සියවසේ සළකුණක් වී ඇත.

බලයේ සිටින පාලකයින්ගේ දූෂණ, වංචා, අසාධාරණකම්, නීති යුක්තීන් කඩකිරීම්, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීම් හා රට තුළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සළකා බැලීමේ දී ලංකාව සිටිනු ඇත්තේ ඊජිප්තුවට වඩා ඉදිරියෙනි. සියල්ලන්ම නිහඬව බලා සිටිද්දී වාර තුනකදී විසිදාහක් (71), හැටදාහක් (88/89) හා හතළිස්දාහක් (2009/2010) බලයේ සිටි/සිටින ආණ්ඩු හා රජයේ හමුදා හා පොලිස් බල ඇණි වලින් මරා දැමුණේ ඒ අසිරිමත් රටේය. ර‍ටේ දෑසට දිස්වෙන සංවර්ධණයක් ඇති මුත් ඒවායේ ප්‍රතිලාබ කිසිදාක දුප්පතුන් හට නොලැබි වරප්‍රසාද ලත් එක් පංතියකට පමණක් හිමිව ඇත. පීඩිතයා දැනට වසර හතිළිහකට කළින් සිටියාට වඩා පීඩිතය. වෙනස ඇත්තේ වසර කිහිපයකට වරක් මැතිවරණයක් පවත්වා එක එක වර්ගයේ එවුන් බලයට පත් කරමින් ජනතාවගේ හිත්වල ඇති ආතතිය සුවපත් කරගැනීමය. කුරුඳුවත්තේ සෝබන ජේආර් ගේ සිට කෙහෙල්වත්තේ මුඩුක්කු ප්‍රේමදාස හරහා මැදමුලන රාජපක්ෂ ගැමියා දක්වා අපි දැන් අත්හදා බලා ඇත. හමුදා නායකත්වයකට ද බලය දෙන්නට ගොස් එක පාරක් යාන්තම් බේරුණේය

මුබාරක් විපක්ෂ දේශපාලන පක්ෂ, මාධ්‍ය හෝ සිවිල් නායකත්වයක් බිහි වීම වලක්වද්දී අපේ රටේ පාලකයෝ හීලෑ කරගත හැකි මාධ්‍ය, විපක්ෂ දේශපාලන පක්ෂ හා සිවිල් නායකත්ව හැමදාමත් අපූරුවට ඇති දැඩි කර ගත්තෝය. ලංකාවේ ජනතාවගේ ඉරණම තීන්දු කරන්නේ ඒ රූකඩයින් විසිනි. ඊජිප්තුවේ එවැන්නවුන් නොසිටිනා බැවින් ජනතාවගේ ජයග්‍රහණය පහසු වී තිබුණි. වරක් ඊජිප්තු තරුණියක් කියූ පරිදි “අපිට නායකයෙක් හිටිය නම් මේ වන විටත් ඔහුව මුබාරක් හීලෑ කරගෙන එහෙම නැත්තම් මරා දාල”. එමෙන්ම ඊජිප්තුවේ හමුදා, නිල ඇඳුමක් හැඳ ගත් පමණින් ගිනි අවියක් අත දැරූ පමණින් තමන්ගේ මව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් මරා නොදැමූ බැවින් එම ජනතාවගේ ජයග්‍රහණය තවත් පහසු වී තිබුණි.

පාලකයින් මෙන්ම ඔවුන් විනාශ කිරීමට යන මාර්ගයේ සිටින මේ රූකඩයින් ද විනාශකර ගෙන නැගිටිය හැකි මහජනතාවක් අපිට සිටීද?

2 comments:

  1. ලංකාවේද,ඒගොල්ලෝ දොයි.

    ReplyDelete