A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කනෝ කනෝ කනවෝ


මේ දෙන්නගේ සහ මේ දෙන්නා නියෝජනය කරන ආයතන දෙකේ තව සමාන කමක් තියෙනවා. කසුරි-සුගාර-මහි අබේ ට නොදෙවෙනි වෙන්න අතිජාත රණවිරුවො කියාගෙන තෙල් මල් පහන් බෝධි පූජා තියාගෙන වන්නිය සමූල ඝාතනය කරන්න ආණ්ඩුවත් එක්ක බඩ බදාගෙන හිටියෙත් මේ ගොල්ලොමනෙ.

දැං ඉතිං කනෝ කනෝ කනවෝ

-------------- 

ප්‍රවෘත්තිය සයිබර් අහසේ සිංහල තරු ලකුණ හොයන ඩබ්ලිව් තුන ලංකා මඟිනි.

ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගනු ලැබූ පසුගියදා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එල්ල කරන ලද ප්‍රහාරයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ප්‍රදීප් දිල්රුක්ෂණ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය අප පළ කරන්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසා ය.

මෙහි ඉදිරියෙන් සිටින්නේ නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දෙන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රමුඛ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියයි. පසුබිමින් සිටින්නේ පසුගිය සමයේ දැඩි මර්දනයකට මුහුණ දුන් තවත් මාධ්‍යවේදියකු වන ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තයි.

1 comment:

  1. මම දන්නෙ නෑ මේක ලිව්වෙ කව්ඩ කියල හරියටම. ඒත් මෙතන පොඩි වැරැද්දක් වේලා තියෙනව. චන්දන් සිරිමල් වත්ත ගැන නම් මම කියන්න දන් නෑ ඒත් ශාන්ත විජේසූරිය නම් ඔය කියන් විදිහට කඩේ ගියෙ නෑ. මම් ඒක හිදටම දන්නෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරපු අපි ශ්‍රි ලාංකිකයෝ සමාරම්භක උළෙලට දේශණ්යක් කලා මාධ්‍යවේදියෙක් විදිහට ශාන්ත විජේසූරිය. එතනදි එය අන්තරයට දිගටම දොස් කිව්වෙ යුද්ධෙට අන්තරේ සහයෝගය දුන්න කියල. ඊට අමතරව එයා අවධාරණය කරපු දෙයක් තමයි එකෙන් සිංහල නිරායුධ මිනිස්සුන්ව මරන නිසා ඩෙමල මිනිස්සු මරන්න මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන්න්න බැ කියපු එක.
    ඒක නිස හිත්වල දේශපාලන කොන්තර තිබුනට බ්ලොග් ලියද්දි පොඩ්ඩක් වගකීමෙන් ලියන්න

    ReplyDelete