A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

උන්ගේ බඩු උන්ගේ මාධ්‍ය


යාපනයේ වලිකාමම් කොට්ඨාශය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් පසුගිය දා ඝාතනය කර තිබුණි. ඔහු ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට ප්‍රසිද්ධියේ විරුද්ධ වීමත් එම රාත්‍රියේම නාඳුනනා කියන ඝාතකයින්ට ගොදුරුවීමත් අහඹු සිද්ධීන් නොවන බව දන්නෝ දනිති. මෙම මරණය සිදුකරන ලද්දේ සොරකමක් පිණිස ය යන ව්‍යාජ කරුණ පෙන්වීම පිණිස සිවලිංගම් මහතාගේ දියණියගේ එක් කරාබුවක් පමණක් ඝාතකයින් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ මහතාට වෙඩි තබා ඇත්තේ අවශ්‍ය නම් සියළු ස්වර්ණාභරණ රැගෙන සිය පියාට වෙඩි නොතබන ලෙස දියණිය විසින් හඬාවැටී කරන ලද කන්නලව්වද නොසළකා බව අයිතීන් සඳහා එකමුතුව නම් වූ සංවිධානය ද හෙළිකර තිබුණි.

දකුණේ සිංහල මාධ්‍ය මේ වගක් නොදැක්කාසේය. පළකර තිබූ එකම පුවතත් ලංකාදීපයේ පළකර තිබුනේ මෙසේය.

----------
උතුරේ ඝාතනයක්
(යාපනයේ එස්. පරමේෂ්වරන්)
යාපනයේ උරුම්පිරායිහි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මානික්කම් සිවලිංගම් මහතා (52) සොර කල්ලියක වෙඩි පහරින් මරුමුවට පත්වී යැයි කෝපායි පොලිසිය කියයි. ඔහුගේ නිවෙසේ රන් බඩු කොල්ලකෑමට සොරුන් ඇතුළු වී යැයි කියති.
--------------

1 comment:

  1. ලංකාවෙ හිට්ලර් කවුද කියල තාම මිනිස්සුන්ට පේන්නෙ නෑ. සාටකෙන් මූණ හංගන් ඉන්න කෙළින් හිටගන්නවත් කශේරුකාවක් නැති තියෙන මිනිස්සුන්ගෙත් කඩල දාන මාධ්‍ය කාරයන්ට වෙන වැඩ තියෙනවනෙ. ලංකාවෙ මිනිස්සුන්ට ආසියාවේ ආශ්චර්යමත් මැජික් පෙන්නන එක වගේ තව ගොඩක් දේවල්..

    ReplyDelete