A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ම‍ගේ රට ම‍ගේ පුතා


එකදාස් නවසිය අනු හත‍රේ දී සිය පියාණන් වූ කිම් ඉල් සුන් ‍ගේ ඇවෑ‍මෙන් බලයට පත් උතුරු කොරියා‍‍වේ පාලක කිම් ජොන් ඉල් අවුරුදු හැට නවයක් ආයුවළඳා හදිසි‍යේ අභාවප්‍රාප්ත වූ‍යෙන් ඔහු බලාපො‍රෙත්තු වූ පරිදිම ඔහුගේ ස්ථානය සිය පුතු කිම් ‍ජොන් උන් හට හිමිවීමට නියමිතය.

විසි හත් වියැති කිම් ‍ජොන් උන් තරුණ නීතිඥයෙකු ‍නො‍වේ.

දමනය වීම



ජෙනරාල් සරත් ‍ෆොන්සේකා තම ප්‍රතිවාදියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ‍ගේ ‘වරදට සමාව’ පිළිගැනීමට කැමති වූ බව වැලිකඩ සිරගෙදරින් වාර්තා වේ. ඒ අනුව ගල‍බොඩ පොඩි හාමුදුරුවෝ දෙපාර්ශවයේම තත්වෙ රැ‍කෙන ආකාරයේ ගනුදෙනුවකට ලෑස්ති වෙන අතර ‍‍‍ෆොන්සේකාව වෙන වැඩක් ‍නොකර එක්සත් ජාතික පක්ෂයට ‍හේත්තු කිරීමට එකඟ කර ‍ගෙන ඇත.

‍ෆොන්සේකා මෙම දැඩි හික්මීමට පහත සඳහන්  ‍හේතු එකක් ‍හෝ කිහිපයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂක‍යෝ පවසති.

1. එල්ටීටීය ‍වෙනුවෙන් ‍පෙනී සිටින බැවින් වික්‍රමබාහු කරුණාරත්න වැන්නවුන් කොටි‍න් බව තමන් විසින් පැවැසුවත් වික්‍රමබාහු පසුගියදා තමා ගැන පැවසූ වර්ණනාව තවදුරටත් ඉවසා‍ගෙන සිටිය ‍නොහැකි වීම

2. හිතන් හිටිය විදියට උගත් පාඩම් හා ප‍්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසම ඔක්කොම පව් තමන්ගේ කර පිටින් යැවිවේ නැති වීම

3. මැති ඇමති ක්‍රිකට් මැච් එක මිස් වීම

‍4. ’මේ යකා එපා කිව්වාට අහන්නෙ නෑනෙ’ ලංකාඊනිවුස් හි ‍‍ෆොන්සේකා බේරාගැනීමේ සටන නවත්වා ගැනීම

‍දෙ‍මෙල්ලුන්ට ‍මොකට ද ය‍කෝ ඉස්පිරිතාල


ලෙඩකට දුකකට බේතක් හේතක් ගන්න ඉස්පිරිතාලයක් ‍ගොඩනංවනාවාට විරුද්ධ විය හැක්කේ නරුමයෙකුට පමණි. එහි දී ප්‍රතිකාර ගන්‍නේ ‍දෙමළා ද මුස්ලිමයා ද සිංහලයා ද යන්න වැදගත් නොවේ. ඉස්පිරිතාලය හදන්‍‍නේ චීනා ද ඇමෙරිකාණුවා ද යන්න ද වැදගත් ‍නොවේ. ඉස්පිරිතාල හදන්නේ ‍ලෙඩ්ඩුන්ට ‍බෙ‍හෙත් ගන්න‍ය.  කිළිනොච්චිය ඇතුළු උතු‍රේ ‍රෝහල් හතරක් ඇ‍මෙරිකාණු  ආසියා ශාන්තිකර හමුදා මූලස්ථානය විසින් ඉදිකිරීමට එරෙහි වීම තුළින් විමල් වීරවංශ හා චම්පික රණවක පෙන්වා දෙන්‍‍නේ මේ නරුම ස්වභාවයයි. මෙහි දී පීඩිතයා බවට පත්ව ඇත්තේ දෙමළායි. එහෙත් දෙමළාට යහපතක් ‍වෙන කිසි‍දේකට ‍මොවුන් එකඟවන්‍‍නේ නැත.  කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඒ සඳහා වි‍රෝධය පායි. දෙමළා සුන්නත් දූලි වන ‍තෙක් මොවුනට නින්ද යන්‍නේ නැත.

උතුරු පළාතේ යළිත් සිංහලයන් පදිංචි කිරීමට පියවර ගත යුතු බවත් සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් නොවන බව සිංහලයන්ට විරුද්ධ සියළු බලවේග තේරුම්ගත යුතු බවත්  චම්පික රණවක මහතා පවසමින් උපාසක චම්පික රණවක පෙන්වා දුන්‍‍නේත් ඔවුන් විසින් ‍ගෞරව‍යෙන් රකිනා කාලකණ්ණි දේශපාලනයේ ස්වභාවයයි. ‍කො‍හොම නමුත් මොවුන්ගේ වි‍රෝධය ‍නොතකා මෙම ‍රෝහල් කැබිනට් මණ්ඩලය තුළ අනුමතව ඇත්තේ ‍ඉස්පිරිතාල කො‍හේ ‍හැදුවත් ‍ඩොලර් කුට්ටි අතපතගාන හැටි රාජපක්ෂ කට්ටිය දන්නා බැවිනි.

එ‍හෙත් බලුගැත්තර කම වන්නේ ආණ්ඩුව ඇ‍මෙරිකාව සමඟ මැදියත්ව ‍ගෙනියන්නා වූ යටිකූට්ටු වැඩ මහින්ද රාජපක්ෂගේ ‍මේ ජාතිවාදීන් කුක්කෝ ‍දෙන්නම කූං කූං ගගා ඉවසා සිටීමයි. ‍‍‍ලෝක බැංකුවට අවනතව ඔය කියන අධිරාජ්‍යවාදීන්‍ ගේ උවමනාවට ලංකා‍වේ සමාගම්, කර්මාන්තශාලා, ඉඩකඩම් පිට රටවලට විකිනීමත් අධ්‍යාපනය ‍සෞඛ්‍ය වැනි ‍පොදු ‍සේවා ‍පෞද්ගලීකරණය කිරීමත් නොදැක්කා ගානට සිටී.

මෑතකම උදාහරණය නම් ඉසිපිරිතාල හදන්න ‍නො‍වේ ඇ‍මෙරිකාණු මිලිටරි‍ය ශ්‍රී ලංකාවට පූර්ණ‍ ලෙස මැදිහත් වූ ඇ‍මෙරිකාණු  ශාන්තිකර ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් පසුගිය අ‍ගෝස්තු මාස‍යේදී ලංකාවේදී පැවැත්වූ වැඩමුළු‍ව ‍තිබුණා ද නැද්ද යන්න බවවත් ‍නොදන්නා ගානට සිටී‍මේ නපුංසක බව ‍‍මේ ‍දෙ‍දෙනාම ‍පෙන්වීමයි.



දීප්ති සහ බූන්දි

දීප්ති කුමාර ගුණරත්නගේ අලුත්ම අවුල තියෙන්නේ බූන්දිය සමඟයි. දීප්ති කියන හැටියට දීප්තිගේ ඇ‍ඟේ එල්ලීමට වඩා වැඩක් බූන්දියට දැන් නැති බවකි. ජනප්‍රිය භාවය හීන වේගෙන යන් බූන්දිය සිය ජනප්‍රිය භාවය රැක ගැනීම සඳහා දීප්ති සමඟ එල්ලෙන බවකි. අනුන් ගේ එල්ලෙන තැන් ගැන කියන දීප්ති අම්මා මුත්තා නැතිව දැං එල්ලෙන්නේ සුමිත් චාමින්ද සමඟ බව දන්නෝ දනිති. වේදිකාවක් නැතිව සිටි සුමිත් චාමින්දට ජවිපෙ විකල්ප සෙට් එක් නව ලිබරල් කන්‍යාභාවය බිඳින්න සුදු රෙදි දාළ දෙන කොට දීප්තිට මළ පනින්නේය. දීප්ති කාලයක් රාවයේ විමල් වීරරත්නට නෙළපු නිසාවෙන් දැං විමල් සුමිත් චාමින්දව නග්ගන විට දීප්තිගේ මළ .....තව දුරටත්.....තව දුරටත්.... අනේ මන්දා.

ඔන්න ඔහොමයි ලංකාවෙ විකල්ප දේසපාලොනේ...

බූන්දියේ ජනප්‍රිය භාවය නැතිවෙන්නේ මොකක්වත් හින්දා නොවෙයි දීප්තිගේ මළ පන්නන්න දීප්තිට එරෙහි එවුන් හැම එකාගෙම ලියුම් කරදහි බූන්දියේ දැං කොපි ඇන්ඩ් ‍පේස්ට් කරණ නිසාවෙනි. ඒවා කියවන්න නෙමේ.... මට කුණුහරප මතක් වෙනවා ඕයි.......! දීප්ති ට එරෙහිව බූන්දිය නැගිටින විට බැබලෙන්නේ දීප්ති බව බූන්දිය අඳුනා නොගනී. නන්නත්තාරවෙලා සිටින හාල්පාරුවන් ගෙන් දීප්තිට දමා ගැසීමෙන් වැඩත් නැති බවත් බූන්දිය නොදනී.

තමන්ගේ වැඩේ හරියට තමන් කිරීමේ සංවරය බූන්දිය ඉගෙන ගත යුතුයි.

අජීත් පැරකුම් කෙනෙක් ගැන බූන්දියෙත් තිබුණා. දීප්තිත් දාළ තිබුණා. දහ අතේ කල්පනා කොළා අම්මපා.. දැං මතක් උනේ.. කොල්ලා අරං ආව රටකජු ගොට්ට ඔතපු කොලේක ඔය නම තිබුණා. කොලේ අනිත් පැත්තේ තිබුනේ සාස්තර ද සාස්තරුද ඔන්න ඔය වගේ නමක්..

ත්‍රස්තවාදිය එන්න මෙතනින් වාඩිවී දමනය වන්න


උපැවිදි වී යුද්ධ කළෙමි - රට දිනවා පැවිදි වුණෙමි.

මොහු නම් අමුතුම ආකාරයේ පුද්ගලයෙකි. එක්කෝ මේ කාරණාව තුළදී මන්ද මානසිකත්වයකින් පෙළෙන්නෙකි. නැත්තම් පළාතම අන්දවා ගෙන මාරම ගේමක් දෙන්නෙකි. සිවුරේ ඉඳගෙනම යුද්ධයට ආවඩන රතන පන්නයේ සිවුරුලත්තෝ ඇතිතරම් සිටියත් මොහුගේ සුවිශේෂ බව වන්නේ සිවුර ගලවා යුද්දෙට ගොස් (මාර ෆ්‍රීඩම් එක) ලේ සෝදා නැවතත් සිවුරු ලෑමයි (වැඩක් නෑ බං). පව් සිද්දවෙනවා බැවින් ගහක් කොළයක් කඩන්න එපැයි කියන බුද්ධාගමෙයි ඉමක් කොණක් නැතිව මිනිසුන් මරා දාන යුද්දෙයි ඇති සංවාසයේ අළුත්ම ජාතක කතාව තමා ඒක. සැදැහැවත්තු තාම සාදු කාර දෙනවලු. මාරම වැඩේ කියන්නේ පෙර කළ පින් මහිමයකින් කිසිදු ඝාතනයක් කිරීමට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට මේ රණවිරුවට ඉඩක් ලැබීල නැහෙනෙ. ඉතිං හාංදුරනේ රට බේරා ගත්තෙ අහවල් කෙංගෙඩියක් කොරළැයි?

ආරක්ෂක ලේකම් තමා හමුදාවෙන් පැන්න උන්ව අල්ලන එකට ඔය සිවුර ආරස්සාවක් උනොත් හොඳයි. 

උන්ගෙ ලක්ෂෙ අපේ දෙක




දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීමක් ගැන හදිසියේ අවදී වූ ජන අරගළ පා.ම. අජිත් කුමාර ලක්ෂයක් දෙමළ ජනතාවකගේ ඝාතණයන්ට දස දහස් ගණනකගේ අතුරුදහන් වීමට වග කිවයුතු ආරක්ෂක ලේකම්වරයෙකුගෙන් උදව් ඉල්ලා ලිපියක් යවා තිබේ. පහතින් ඇති ලිපිය බලන්න.

ආරක්ෂක ලේකම්තුමා,
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
කොළඹ

ආදරයෙණි,

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගන්සන් අතුරුදහන්වීම පිළිබඳව 

ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා සහ යාපනයේ අවරන්ගාලි හි පදිංචිව සිටි කුගන් මුරුගන්සන් සහෝදරයා ඊයේ සවස සිට අතුරුදහන්ව ඇත. මේ මොහොතේ අපිට සහයෝගය දක්වන විශේෂයෙන්ම ලංකාවට වමක් හඳුන්වාදෙන්න විළිරුදවෙන් පෙළෙන මේ මොහොතේ එය බරපතළ කාරණාවකි.

දෙමළා සංහාරය කිරීම සඳහා ඔබ වෙත මින් පෙර දී අපගේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදුන් බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු දෙයක් නොවේ. එදා අපි දෙමළා විනාශ කිරීම සඳහා උඩින් යටින් මුහුදෙන් පාසැල් රෝහල් අවතැන් කඳවුරු හැම එකටම අමානුෂික ලෙස කරන සියළු පහරදීම් සඳහා ඔබ සමඟව එකට සිට ගත්තෙමු. පොඩි ළමයින්, ගැබිනි මව් වරුන්, මහල්ලන් ගේ මළ කඳන් නොදැක්කා ගානට සිටියෙමු.  තරුණ තරුණියන් දූෂණය කර මරා දැමූ අයුරු යුද්ධයකදී නොවැළක්විය හැකි දේවල් යැයි සාධාරණිකරණය කළෙමු. යුද අපරාද ගැන කතා කරන උන්ගේ හොම්බට තැළුවෙමු. ඇමෙරිකාව, චීනය, රුසියාව ට ලංකාව උකසට තබා බිලියන් ගණන් වලින් මිලිටරි ආධාර ලබා ගන්නා විට අපි ප්‍රශ්න නොකළෙමු. කොටින්ම පවසතොත් ලක්ෂයකට ආසන්න දෙමළුන් මරා දමා මුල්ලිවයික්කාල්වලින් කෙළවර වුණු මාණුෂික මෙහෙයුමේ මාණුෂික මුහුණ ගමක් ගමක් ගානේ ගෙන යන්නට අපේ නායකතුමා ඇතුළු හැටදහසක් මරාදැමූ රණ විරුවන්ට බෝධි පූජා තියන්නට අපි ඇප කැප වුණෙමු. එවන් සංහාරයක් සඳහා දායක වුණු අපට මේ දෙමළුන් දෙදෙනා අහවල් කජ්ජක්දැයි ඔබට සිතෙනු ඇත. ඒත් මේ මොහෙතේ වමේ විළිරුදාවට දෙමළ නියෝජනයක් අවශ්‍යව ඇති බැවින් මේ ගැන කාරුණිකව සළකා බලන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

තවදුරටත් මතක් කරන්නේ නම් පාර්ලිමේන්තුව තුළදී ඔබට හදිසි නීතිය සම්මත කරගැනීම අවශ්‍ය හැම විටකදීම මගේ අත නොපැකිළව එස වූ බව පාර්ලිමෙන්තුවේ සිටින ඕනෑම මන්ත්‍රී වරයෙකුගෙන් විමසා දැනගත හැක. දේශපාලන උපක්‍රමයක් වශයෙන් දැනට සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා ව බලයට ගෙන ඒමට උත්සහා දැරුවත් මේ මොහොතේ අප ඔහුගේ පැත්ත පළාතවත් නොබැලීම සහ බලන එවුන්ගේ පැත්ත පලාත වත් නොබැලීම ඔබගේ සතුටට කරුණක් වන මේ මොහොතේ අමාරුවෙන් අන්දවා ගත් මේ දෙමළ තරුණයන් දෙදෙනා දෙස සාණුකම්පිතව සළකා බලන මෙන් නැවතත් ඉල්ලා සිටිමි. සරත් ෆොන්සේකාගේ නිවසේ නිළ මාධ්‍ය කාර්යාලය තුළ පැලපදියම් වී සිටි පුබුදු ජයගොඩ වැන්නෙක් පවා සරත් ෆොන්සේකාට උදව් කිරීමේ නව ලිබරල් වාදයෙන් ගලවාගෙන මේ මොහෙතේ සිටින්නේ අප සමඟය. මේ දෙමළ තරුණයන් දෙදෙනාද වැටෙන්නේ සරත් ෆොන්සේකාට එරෙහි ඒ ගොඩට‍ බව වටහා ගැනීමට ඔබට මහා දැණුමක් අවශ්‍ය නොවේ. ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ඒ කාරණාවම ප්‍රමාණවත් බව ඔබට වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එම නිසා, මෙම තත්වය පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කොට අතුරුදහන් වී ඇති එම සහෝදරවරුන් සොයා දීමට මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට,
විශ්වාසී,
සදාදාර,
අජිත් කුමාර

උගේ රට හා උගේ ජනතාව

                                                                                                                                          Lakbima News

තමන්ගේ උපන්දිනයට අනුන්ට සුබ පතා නිවේදන නිකුත් කරන පුද්ගලයෙකු සිටියහොත් ඒ ලංකාවේ ජනාධිපතිවරයාය. මගේ රටේ සහ මගේ ජනතාවගේ පැතුම් සඵලවේවා යි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රාර්ථනා කෙරුවේය.

සෙනසුරා මාරුවෙන තෙක් බලා ඉඳ අය වැය ඉදිරිපත් කරන්න ජනතා නියෝජිතයින් ඉන්න පාර්ලිමේන්තුවට ගොස් ..........අඩෝ දඟලන්න එපා ඩෝ......වැඩිය දැඟලුවොත් මේක විසිරෝනවා.....තග දාන්නේ ත් ලංකාවේ ජනාධිපතිවරයාය. තමන්ගේ සෙට් එකේ ඉන්න මැර සිල්වා ලව්වා ජනතා නියෝජිතයින්යැයි කියන උන්ට නෙළුවේය.

උගේ රටේ සහ උගේ ජනතාවගේ මේ දවස්වල පැතුම්:

ෆොන්සේකා ට මදියි නොකියන්න මහ උළුගෙදර ටම යැවීම
දෙමළාට හැමපැත්තකින්ම කෙළවීම
කැමති කැමති පෞද්ගලික සමාගම් රාජපක්ෂයට පවරා ගැනීම‍
කැමති කැමති ආයතන ඉඩකඩම් පිටරට කොම්පැනිවලට විකිණිම. රාජපක්ෂලා තරවීම
වෛද්‍ය උපාධිය සල්ලිවලට දීම. නීති උපාධිය හොරට ගැනීම
දුමින්ද සිල්වා උපාසක මහතා ට නිදුක් නීරෝගී සුවය පැතීම
කුණුහරුප නෙමේ නිවුස් වෙබ් සයිටුත් ප්‍රොක්සි හරහා බැලීම
එකා දෙන්නා ඉස්සීම - අතුරුදහන් කිරීම

මේ දවස්වල උගේ ජනතාව:

සුනිල් මිහිඳුකුල
ගීතා කුමාරසිංහ
නීටා ප්‍රනාන්දු
බුද්ධදාස විතානආරච්චි
සුනිල් අරුණ වීරසිරි
අමරසිරි කලංසූරිය
සේමිණි ඉද්දමල්ගොඩ
රවීන්ද්‍ර රන්දෙණිය
පේ‍්‍රම් දිසානායක
දයාරත්න රටගෙදර
ජනිත මාරසිංහ
සබීතා පෙරේරා
සුදත් රෝහණ
සහන් විජේසිංහ
මනීෂා නාමල්ගම
ජැක්සන් ඇන්තනි
රේණුකා බාලසූරිය
කුමාර් කොතලාවල
උපුල් ජයසිංහ
ක්ලීටස් මෙන්ඩිස්
ලතා වල්පොල
එඩ්වඩ් ජයකොඩි
සේනක විජේසිංහ
උපුල් ශාන්ත සන්නස්ගල
රෝහණ වීරසිංහ
ශ්‍රියන්ත මෙන්ඩිස්
පාලිත සිල්වා
ජී. ආර්. පෙරේරා
මඩුළුගිරියේ විජේරත්න
සනත් ගුණතිලක
ජයන්ත චන්ද්‍රසිරි
චිත්‍රා බාලසූරිය
අමිත්ත වීරසිංහ
අර්ජුන් කමලනාත්
මාලිනී ෆොන්සේකා
ධම්ම දිසානායක
සුනන්ද මහේන්ද්‍ර
ජයසේන කෝට්ටේගොඩ
රංජිත් බණ්ඩාර
කාලෝ ෆොන්සේකා
ගාමිණී සමරනායක
කුඹුරුගමුවේ වජිර හිමි
කුසුමා කරුණාරත්න
ගෝමින් දයස් ශ්‍රී
කරුණාදාස සූරියආරච්චි
ගාමිණී සුමනසේකර

සුනිල් මාධව තවමත් ආදරේ කරන සිළුමිණ කඩදාසියේ අනුග්‍රහයෙන්. 

වයලීනය රැගත් දරුවා


වයලීනය රැගත් දරුවා ‍සෙවීමේ බීබීසී සිංහල සේවයේ ප්‍රියත් ලියනගේ ගේ වාර්තාමය වැඩසටහනක් බීබීසියේ තිබුණා. වයලිනය රැගත් දරුවා  සොයා ගැනීමට නොහකි වුවත් එය හරි අපුරු ‍කෙටි වාර්තාවක්.  පසුගිය අගෝස්තු මාස‍යේ දී වව්නියා දිස්ත්‍රික් ලේකම් පී එම් එස් චාල්ස් මහත්මිය සඳහන් කරපු ආකාරයට හතරවන් ඊළාම් යුද්ධයේ අවසාන භාගයේදී දරුවන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇති සංඛ්‍යාව පමණක් එක් දහස් අටසීයක්.



වැඩිහිටියන් අත්‍යාවශ්‍ය දේවල් රැගෙන යන විට දරුවන් අරන් යන්‍‍නෙ ඔවුන්ට වටිනාම ‍දේවල්. වයලීනයක් අත ‍නොහැරපු  දරුවෙක් !! 

මේ දරුවා ‍කොහේ හෝ සිටීවා යන්න අපේත් ප්‍රාර්ථනාවයි.

ගහලයෝ

ඉහත ඡායාරූප දෙකේ සිටින්නේ ලංකාවේ සිටි නි‍යෝජ්‍ය ආරක්ෂක ඇමති වර‍යෙක් හා දැනට සිටින ආරක්ෂක ලේකමි වරයායි. 1988-1989 කාලයේ එක්සත් ජාතික පක්ෂ ආණඩුවේ නි‍යෝජ්‍ය ආරක්ෂක ඇමති වර‍යෙකුව සිටි රන්ජන් විජේරත්න යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා පොලීසිය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ද ඇතුළුව හැට දාහකට වැඩි පිරිසක් ඝාකනය කළ අතර 2008-2009 කාලයේ වර්තමාන ආරක්ෂක ලේකම් වරයා වන ගෝඪාභය රාජපක්ෂ යටතේ  ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා පොලීසිය විසින් කොටි සංවිධානයේ නායකත්වය ද ඇතුළුව ලක්ෂයකට ආසන්න පිරිසක් ඝාතනය කරණ ලදි.


රෝහන විජේවීර ඝාතනය සියැසින් දුටු ඉන්ද්‍රානන්ද ද සිල්වා නමැති ජවි (විමතික)පෙ සාමාජිකයා (එවකට යුධ හමුදාවේ ඡායාරුප ශිල්පියා) පසුගිය ඉරිදා දිවයින පත්තරයෙ සිය කතාව අනුවේදනීය අන්දමින් පවසා තිබුණි.


මෙතරම් සාක්ෂි තිබියදීත් ඒදවස්වල ගොළු වත රකිමින් සිටි ඉන්ද්‍රානන්ද මෙන්ම ජවිපෙද මේ දක්වාම එම චූදිතයින්ට එරෙහිව මොනයම් හෝ චෝදනාවක් එල්ල කර නැත. ඒ වෙනුවෙන් ඔවුන් කළේ උතුරේ සමූල ඝාතනයක් සිදුවන විට එම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට රණවිරු නමින් වන්දනාමාන කිරීමයි.

ඉන්ද්‍රානන්ද ලා මේ කරන්නේ තම කණ්ඩායමට ඔලු ගෙඩි එකතු කිරීමට 88-89 ඛේදවාචකයේ ඉතුරු වෙලා තියෙන දුක සෝසුම් හා අනුකම්පාව විකිණිමයි. ඉල් විරු සමරුවේදී චමීර කොස්වත්ත මුදලාලිත් සෑහෙන ටිකක් වික්කේය.

පසුගිය ජවි (විමතික)පෙ ඉල් විරු සමරුවේදී චමීර කොස්වත්ත තමනගේ පක්ෂ සාමාජිකයින්ව 1988-1989 කාලයේ එම කෲර වධ දී ඝාතනය කළ අන්දම ඇසින් දුටුවා සේ විස්තර කරන විට ”ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලීසිය” යන වචන භාවිතා නොකර “ගහලයා” යන පොදු වචනය පමණක් භාවිතා කිරීමට පරිස්සම් වීම හාස්‍යයට කරුණකි.

“අපිට චෝදනා කරණ අය එදා එදා ඒවාට අත ඉස්සුවා” යනුවෙන් ජවිපෙ බිමල් රත්නායක පවසා ඇත්තේ (මේ බලහල්ලකෝ ....දැං අපිට විතරක බනිනවා) සංධාන ආණඩු හැදීමට හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට රණවිරු නමින් අබිසෙස් කිරීමට ඊයේ පටන් වාමාංශික වෙන්න හදන ජවි (විමතික)පෙ කුමාරලාගේ ඕපාතලාගේ දක්ෂිණාංශික බව හා දේශපාලනයේ අවස්ථාවාදයයි.

විරු සමරු රේස්


ඉල් මහ විරු සමරුව අදයි. විජේවීරට පොර කකා පෝස්ටර් ඉරා ගුටි ඇන ගෙන ඔලුගෙඩි එකතු කිරීමේ විරු සමරු සෝ-ජවිපෙ හා කු-ජවිපෙ විසින් තරඟයට පවත්වන ලදි. වැඩි ඔලු සහිත ජයග්‍රාහකයෝ කවුරුදැයි තවමත් ආරංචියක් නොමැත.

නොවැම්බර් විරුසමරුව විජේවීරයන් ට පමණක් වීම අභාග්‍යයකි. ජවිපෙ පොළොවේ හිටුවීමට විජේවීර සහෝදරයාගේ නායකත්වය ප්‍රමුඛ වුවද 89 අරගලය දක්වා එය ප්‍රබල වීමට හා සවි ශක්තිය නැංවීමට කැපවුණු දිවි නොතකා සටන් වැදුණු අවංක සහොදරයන් දහස් ගනණක් වූහ. පසුගිය වන්නි යුද්ධයේදී සෝ-ජවිපෙ හා කු-ජවිපෙන්  “රණවිරු”  නමින් අබිසෙස් ලැබූ ම්ලේච්ච හමුදාවක අතින් ගමණායක සහෝදරයාද ඇතුළුව එම අරගලය තුළම මරා දැමූ ලෝකයට ආදරය කළ එම මිනිසුන් විජේවීර වටා ගොණුකරණ රශ්මි කදම්භය නිසා අමතකව ගොස් ඇත. මැකී ගොස් ඇත.

විජේවීර සහෝදරයාගේ නායකත්වය විශේෂ නමුදු ජවිපෙ සැකිල්ල ගමක් ගමක් ගානේ ගොඩ නැංවීමට ගමණායක සහෝදරයාගේ නායකත්වයේ දක්ෂතාවය සුවිශේෂ බව ජවිපෙ කේඩරයෝ හිස නමා අනුමත කරති. රූපවාහිනියේ අවසන් වරට දුටු විජේවීරගේ රූපයට හඬට වඩා අන්තිම මොහෙතේ වචනයක්වත් පිට නොකර ගහලයන් අතින් වධ විඳ මැරුම් කෑ ගමණායක සහෝදරයා මසිතෙහි තැන්පත්ව ඇත්තේ ඉහළිනි. විප්ලවීය පක්ෂයකට අවැසි පන්නරය කැපවීම අවංක බව එකතු කළ යුත්තේ ගමණායක සහෝදරයා තුලිනි. අරගලයක පාවා නොදුන් එවන් උස් මිණිසුන් තුලිනි.

විජේවීර යනු වන්දනාමාන කළයුතු හෝ ඇදහිය යුතු පීලිමයක් නොවන බව කු-ජවිපෙ චමීර කොස්වත්ත සඳහන් කළ බවක් කොහේ හෝ තිබුණා. ඒත් ඔවුන් ද ඇතුළුව ජවිපෙ දෙපාර්ශවය සිදුකරන්නේ එයම බව හොඳින්ම පෙනේ. එහෙම නෙමැතිව විජේවීර අළුතින් කියවීමක්වත් ඔහුගේ වැරදි නිවරැදි කරණ අළුත් දේශපාලනයක් වත් දෙපාර්ශවයෙන් ම පෙනෙන්නට නැත.

එදා කුමාරලා ඕපාතලා ගහලයන්ව“රණවිරු”  නමින් අබිසෙස් කිරීම පාහර කමකි.  මෙදා ඔවුහු දේශපාලයේ අනාථ වෙනකම් සිට අසූනවය නැවත කියවීම අවස්ථාවාදයකි. 

මේ සටහන අසු අට අසූ නවය අරගලයේ දි ආණ්ඩුවේ හමුදාව විසින මරා දැමූ හැට දහසක් සෝයුරු සෝයුරියන් වෙනුවෙනි.


මම නොදන්න මගේ අවුල

අහක ඉන්න හාල් පාරුවන්ව පොර කරන්න එපා බං කියලා අපේ මිත්‍රයෙක් හැමදාමත් බනිනවා. විමලය වගේ එවුන්ට අසූචි වලින් ගැහුවොත් ගඳ හින්ද ජනප්‍රිය වෙන්න ඌ බලන්නෙ. ඒත් හත් දෙයියනේ මේ වගේ කවියක් හම්බවුනාම නොදා ඉන්නෙ කොහොමද?


ජනතාවට පස්ස ‍පෙන්නී‍‍මේ විලාසිතාව



ඇසින් දුටු සාක්ෂි තිබියදී භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය‍‍ට දුමින්ද සිල්වා සැකකරුවෙකු නොවන බවට ප්‍රකාශයට පත් කිරීමේ අළුත්ම ගොට්ටා නීතිඥ නිමල් සිරිපාලද සිල්වායි. ඔහු මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේදීය. අනිත් අය අපට කෙළින්ම පස්ස පෙන්නද්දී, ගෑනු කෙළියකට යට කළිසම පිටින් පාරෙ දිව්ව නිමල් සිරිපාල ඔහුගේ පස්ස පෙන්නුවේ පාර්ලිමේන්තුව හරහාය.


තව මදි.......තව මදී...................අපි පස්සවල් බලා සිනාසෙමු. කුඩු-පාතාල-සල්ලාල-මිනීමරු දුමින්ද සිල්වාලාට බෝධි පූජා තියමු. නැත්තම් රාජපක්ෂලා තරහාවෙයි.

ප.ලි: භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය‍‍ට ප්‍රධාන සැකකාර පාතාල සාමාජික තත්පර කට්ටා ඊයේ සිට අතුරුදහන්ව ඇත.

අසාර්ථක ඒවා



ආචාර්ය පදවියකින් පිදුම්ලත්තෙක් ඩී.ඒ රාජපක්ෂ (මොකාද ඒ..... ආ ඒ මහින්ද රාජපක්ෂගේ තාත්තා)  පිළිරුවට කුරහන් සාටකය දැමීමට තෝරා ගැනීම පිළිබඳව ආචාර්ය පදවි නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු දැඩි කේන්තියකින් සිටින බව වාර්තා විය. මහින්ද රාජපක්ෂගේ කැමැත්තෙන් එලෙස එම කටයුත්ත සඳහා තෝරාගෙන තිබුනේ ආචාර්ය මර්වින් සිල්වා මැතිඳුන්වයි. මට මේ කේන්ති ගත් ඇමතිවරුන්‍ ගෙන් අහන්න තියෙන්නේ සඳහා එම ගරු ඇමති තුමා ඇරෙන්න ඔය වැඩේට වෙන පාතාල නායකයෙක් ගේන්නද, කුඩු බිස්නස්කාරයෙක් ගේන්නද, මෝඩ චන්ඩියෙක් ගේන්නද, කට වාචාලයෙක් ගේන්නද, මංකොල්ල කාරයෙක් ගේන්නද එහෙමත් නැත්තම් බණ්ඩාරණායක පවුලට ඉන්නකම් පක්කලිකම් කරපු කෙනෙක් ගේන්නද? හුහ්...

ඒ කොහෙම වෙතත් මෙන්න ප්‍රවෘත්ති.......ප්‍රකාශය හඩ්ඩන් ඩමරටිංහ..

අසාර්ථකව පවතින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශයට පවරාගැනීම යන බව ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා පාත්තවත්තෙ ප්‍රේමාට පවසා ඇති බවක් වාර්තා වේ. මෙලෙස පවරාගත් පසු අගමැති තනතුරේ කටයුතු ආරක්ෂක ලේකම් වරයා විසින් සිදුකරණ බව ඔහු තවදුරටත් පවසා ඇත. ලාංකීය ව්‍යාපාර (සිය රටදේ සිරි සැපදේ) වලට අමතරව තවත් පහත සදහන් අසාර්ථක ස්ථාන රජයට පවරා ගැනීම පිණිස පනත් රැගෙන ඒමට තමා වැඩිදුරටත් ජනාධිපති වරයාට හා ඔහුගේ සහෝදරයන් තුන්දෙනාට හා පුතුන් තුන්දෙනාට උපදෙස් දුන්බව පාත්තවත්තෙ ප්‍රේමාට පවසා ඇත්තේ හරකෙක් නිදහස් කරණ අතර තුරේදීය. රජයට පවරා ගැනීමට නියමිතව ඇත්තේ:

අසාර්ථක දේශපාලන පක්ෂ (ඇති‍වාම-අතිවාම-කතිවාම හෝ වාමාංශික නොවන)

අසාර්ථක පවුල් (බිරින්දෑවරුන් පමණයි)

අසාර්ථක ඉඩම් (පදිංචියේ හෝ වගාකර නැති)

අසාර්ථක හරක් (දැනට රජ‍යට සමිබන්ද හරක් සඳහා නීත්‍යනුකූලබවක් දීමට)

අසාර්ථක මාධ්‍ය හා ගණිකා මඩම් (මාධ්‍යවේදීන් අවශ්‍ය නැත‍. ගණිකාවන් පමණයි)

අසාර්ථක පන්සල් (ඉඩම් හා හාමුදුරුවරු.... දන්නවනේ ඔක්කකොම නෙමෙයි)

අසාර්ථක මරණ (මළෙත් නැති නොමළෙත් නැති දුමින්ද සිල්වා වගේ අය)

මෙලෙස පවරා ගැනීමෙන් පසු දැනට රජය සතුව පවතින අසාර්ථක සෞඛ්‍ය සේවය හා අධ්‍යාපන සේවය සාර්ථක කරගැනීම සඳහා පෞදගලික කරණය කිරීමට උපදෙස් දී ඇත්තේ ලෝක බැංකුව නොව ආචාර්ය මර්වින් සිල්වා වන මම බව පවසන විට පාත්තවත්තෙ ප්‍රේමා‍ සුසුමක් හෙළා ඇ‍ඳෙන් නැගිට ගොස් ඇත.

ස්වල්ප වේලාවකින් ආචාර්ය මර්වින් සිල්වා මහතා කිසිවක් අසාර්ථක නැති බව පෙන්වීමට මෙන් පපුව ඉස්සරහට දමා පිටිදූවේ සිරිධම්ම හිමියන් බැහැදැකීම සඳහා සරම ගසා දමමමින් එතනින් පිටත්ව ඇත.

ටිං ටිං ටිං


Desperate Housewives


Desperate Housewives යනු ඒබීසී නම් වූ ඇමෙරිකාණු රූපවහානි චැනලයේ කොටස් වශයෙන් විකාශය වන ටෙලියකි.  තමන්ගේ දුක ද, පීඩාව ද, කළකිරීම ද, වැරැද් ද ටෙලි චරිත හා සංසන්දනය කිරීමෙන් ගෙදර සාලයේ දී ම සමනය හා සාධාරණිකරණය  කිරීමට හැකි නිසා එය බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය ටෙලි චිත්‍රපටයකි. ලංකාවේ ද මෙවැනි ටෙලි නාට්‍යයක් “භාර්යාවෝ” නමින් රූ ගත කිරීමි මෙ දිනවල සිදුවේ. මෙහි තිර කතාව හා තේමා ගීතය ශෂි වීරවංශ මහත්මියගේය (ලබන වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී හොඳම ටෙලි නාට්‍යය තිර රචනය හා ගීත රචනය සඳහා ඇයට සම්මාන හිමි වීමට නියමිතය).

මේ ඈ සමඟ ලූප්හෝල්ස් දුරකනය මඟින් කළ සාකච්චාවකි.

ලූප්හෝල්ස්: ඇයි ඔබට මෙහෙම නිර්මාණයක් කරන්න හිතුනේ.

ශෂි: දැං මෙහෙමනේ. උදාහරණයක් වශයෙන් අපේ ෆැමිලි එක අරගත්තොත් අපි තරමි ආදරයෙන් සමගියෙන් කිසිම ආරවුලක් නැතිව ඉන්න ෆැමිලි එකක් තවත් නැතිව ඇති. ඒත් අපිට ඉන්න දෙන්නෙ නැත්තෙ වෙබ් සයිට් කාරයෝ.... පත්තර කාරයෝ තමයි ...මම මේ ලූප්හෝල්ස් ගැන නෙමේ කියන්නේ... මේ ලඟදිත් අපේ ගරු වීරවංශ ඇමති තුමා තරුණ කාන්තාවන් දෙදෙනෙක් සමඟ හෝටල් කාමරයක සිටිය බවත් ලක්ෂ ගානක මුදලක් පගාවක් වශයෙන් ගත්ත බවකුත් සඳහන් වුනා. භාර්යාවන් වශයෙන් අපිට එතකොට හරියට හිත රිදෙනවා. අපි දන්නවනේ අපේ ස්වාමිපුරුෂයන් කොච්චර ගුණගරුකද අහිංසකද කියලා. මේ ඛේදවාචකය අපේ ගරු ජනාධිපතිතුමාගේ ඉඳලා කෙහෙලිය ඇමති තුමා, රෝහිත බෝගොල්ලාගම ඇමති තුමා, ජොන්ස්ටන් ඇමති තුමා, නිමල් සිරිපාල ඇමති තුමා , මර්වින් සිල්වා ඇමති තුමා ඔය හැමෝටම තියෙනවා. බලන්න කොච්චර හොඳ මිනිස්සුද? ඉතිං මට හිතුණා භාර්යාවන් වශයෙන් අපිට සිදුවෙලා තියෙන මේ කනගාටු තත්වය හෙළි දරව් කරන්න ටෙලි නාට්‍යයක් කරන්න.

ලූප්හෝල්ස්: කලාවට ඔබගේ ඇති සම්බන්ධය කොහොම එකක් ද?

ශෂි: මමත් මගේ මහත්තයත් පරම්පරාවෙන්ම කලා කරුවන්. ගරු වීරවංශඇමති තුමා හොඳ නළුවෙක් මාරන්තික උපවාසයකරුවෙක් විදිහට රඟපාල එයා සම්මානත් ගත්තා. මගේ මහත්තයා මේ කාල වකවාණුවෙ නම් රූකඩ කලාවට සම්බන්ධවෙලා ඉන්නේ. මහින්ද රාජපක්ෂ රූකඩ කණ්ඩායමේ ගරු වීරවංශ ඇමති තුමා තමයි හොඳම රූකඩය. මර්වින් සිල්වා ඇමතිතුමා සමඟ කරට කර...චම්..

ලූප්හෝල්ස්: මට පොඩ්ඩක් ඇහෙනවා මදි ශෂි මහත්මිය. මොකක්ද ඔය පිටිපස්සනේ ඇහෙන ගෝරනාඩුව.. මම පස්සෙ කතා කරන්නද?

ශෂි: ආ ඒ අපේ ගරු වීරවංශ ඇමති තුමා පාර්ලිමේන්තුවට පිටත් වෙන්න කලියෙන් නාථ දෙයියන්ට යාඥා කරනවා. පොඩ්ඩක් ස‍ද්දෙට තමයි එයා කරන්නේ..කමක් නෑ කියන්න... කියන්න..

ලූප්හෝල්ස්: ඹබ මේ මගින් මේ රටේ ජනප්‍රිය චරිත ඒ ලෙසින්ම ටෙලි නාට්‍යයට යොදාගෙන තියෙනවද?

ශෂි: අපෝ නැහැ... නැහැ...මම මේ මඟින් කතා කර....

ලූප්හෝල්ස්: මට ආයෙත් ඇහෙන්නෙ නෑ පොඩ්ඩක් හයියෙන් කි....

ශෂි: පොඩ්ඩක් ඉන්න මහත්තයා.... (ඈතින් ඇසේ) ඕයි.... ඕක පොඩ්ඩක් හෙමින් යාඥා කරනවකො ඕයි තව්තිසා දිව්‍ය ලෝකයටම ඇහෙන්න කෑ ගහන්නෙ.. දෙයියන්ගෙ හාල් කැවිලද? මං මේ ලූප්හෝල්ස් එකත් එක්ක ඉන්ටවීව් එකක් කියල පේන්නෙ නැද්ද? බූරුවා......

මම දුරකථනය විසංදි කළෙමි.