A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බබා


වැඩිම යුද අපරාධ සිදු කළේ එල්.ටී.ටී.ඊ. යයි!
වැඩිම මිනිස්‌ ඝාතන සිදුකළේ ප්‍රභාකරනුයි
එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස - 
දිවයින දෙසැම්බර් 24

වැඩිම යුද අපරාධ සිදු කළේ එල්.ටී.ටී.ඊ. යයි. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් විශාල වශයෙන් මිනිස්‌ ඝාතන සිදු කළේ යෑයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් පෙරේදා (22 දා) පැවසීය. 
----------

එතකොට බබෝ ඔයාගෙ තාත්තා. ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්. වධකාගාර වල වද දීම් එක්ක එතන  හාමුදුරුවරු පන්සීයකටත් වැඩියෙන් ඇතුළුව සිංහලම කොල්ලො කෙල්ලො හැට දාහක්ම මරල දැම්මනෙ හන්දියක් හන්දියක් ගානෙ.

බණ්ඩාගේ අලි දුක

දැං ටික කාලෙක ඉඳන් ඩලසයා ගාව මාධ්‍ය ලේකම් පට්ටමක වැඩ හිටියට තිඹිරියා කියන්නේ හිත හොඳ දුප්පත් කොල්ලෙක් කියලයි මම දන්නෙ. ඒ උනත්.... ඒ උනත්.... පහුගිය දවස්වල අළුත උපන් කිරි සප්පයෝත් ඇතුළුව ලංකාවෙම ඇතුලෙ හතළිස්දාහක් උඩින් යටින් ගහල තිරිසන් විදියට මරලදාද්දි සද්දයක් නොදාපු සංවේදී කවියො අලි‍යෙක් මැරුණාම ඇ‍ඬෙන කවි ලියන කොට.......... අනේ මන්දා බණ්ඩා කොළුවො.. මට වාක්කිත් අමතකයි.

Maskවාදයට එරෙහිව Marxවාදයේ Maskවාදය



ජවිපෙ ලැදි ජවිපෙ හිතවත් (සමහරවිට ජවිපෙම වන) කණ්ඩායමක් අව්රෝරා නමින් එළිදක්වන සඟරාවක පිට කවරයක් ඇහැ ගැටුනා. ඒකෙ තිබුනේ Maskවාදයට එරෙහිව Marxවාදය යනුවෙන්. හිනායන කාරණාව වෙන්නේ ජාතිකවාදයෙන් ජාතිවාදයට ත් ගිහින් සදාකාලිකවම උපක්‍රම සඳහා කියා ගනිමින් අවස්ථාවදයට ගොදුරුවුණු ජවිපෙ හිතවත්හු මාක්ස්වාදයක් ගැන කතාකිරීමයි. මේ වෙනකම් ජවිපෙට තියෙන දේශපාලන අතීතය මාක්ස්වාදයෙන් විග්‍රහ කළොත් කාල් මාක්ස් වුනත් මැරිච්ච තැනකින් නැගිටල එයි. චේ ගුවේරාවත් පැෂන් එකක් වෙච්ච ජවිපෙට මැයි දිනය දවසට වේදිකාවෙ පිටිපස්සෙ එල්ලන්න විතරක් මතක්වෙන කාල් මාක්ස් වත් ජවිපෙට පැෂන් එකක් විතරයි. අව්රෝරා කට්ටිය අළුත් පරම්පරාවට Marxවාදය මොඩනයිස් කරන්න හදනවා. 

මාක්ස්වාදයට මාස්ක් එකක් දැම්මෙ දීප්ති සහ එක්ස් කණ්ඩායමත් ඒකෙ හිටිය කල්‍යානන්ද, නිර්මාල්, සුමිත් චාමින්ද ල වගේ අය නව මාක්ස්වාදයක් කියවන්න ගිහිල්ල. නතරවුනේ එක්ස් එක් ඩබල් එක්ස් වෙලා. න්‍යායාත්මක මාක්ස්වාදය ඉගෙන ගන්නවනම් ලාංකාව ඇතුලෙම  මරු ඉස්කෝලයක් තියෙනවා සසප කියල. සිදුවෙච්ච ඕනෙම දේකට මාක්ස්වාදී විග්‍රහයන් කට පුරෝල හමිබ වෙනවා. හිතට සනීපයි. සංතෝසයි.

මාක්ස්වාදය ලංකාව ඇතුලට ඕන වෙන්නෙ ජවිපෙ නිසා නෑවුනු අසූචි හෝදා ගත් අළුතින් හිතන්න පුළුවන් පරම්පරාවකට.

හෙට ආචාර්ය අද වීරවංස

සරසවි නොගිය එක ගැන හීනමානයෙන් පෙළෙන වීරවංසය, මා බලා සිටින්නේ මොන විදියකින් හරි සම්මාන ආචාර්ය උපාධියක් ඔබට ලැබෙන දවසට ඔබගේ මුහුණෙහි පිපෙන සිනා මල් පොකුර දකින්නටයි.

වීරවංසට සමූපාකාර සමිතියකින් සුමස සම්පූජිත දේශ විමුක්ති සම්මානය ක් ලැබුණු ප්‍රීතිමත් මොහො


වීරවංස ඇමතිධූරයේ වැඩ බාර ගත් මොහොතෙහි දුරකතන තුනක් සහිත තඩි මේසය ප්‍රීතියෙන් විඳින මොහොත

සද්ගුණවත් ප්‍රේමදාස


රාත්‍රිය පුරා වෙඩි හඩ ඇසුණෙන් එළිය වැටුණු සැනින්ම බයිසිකලය රැගෙන හැල්මේ පැද්දේ මරා දමා තිබුනේ කවුරුන්දැයි සොයා ගැනීම මගේ රාජකාරිය වූ බැවිනි. වටපිටාව සීතලය. තවමත් යාන්තමට අඳුරුය. ඈතින් හන්දියේ බෝගහ අසල දැල්වෙන ටයර් කීපය දකින්නටත් මත්තෙන් කර ගඳින් නාසය දවයි. ටයර් අතරින් ගිනි සැර ඉවසනු නොහැකිව ඉහළට නැගුණු දැවුණු අත පය ජීවිතය ඉල්ලා කෑගසනු වැන්න. සිරුරු හත අට අතරින් කිසිවෙකුත් හඳුනාගත නොහැක. එහෙත් ඒ සියල්ලම මවැනි තරුණයන්ය. තරුණියන්ය. මා විසින් මගේ දෑසින්ම දැක තිබූ මෙවැනි ටයර් සෑයන් සිය ගණනකි. පාලම යට පා වෙවී තිබුණු මළ සිරුරු කෝටු වලින් ඇන හරවමින් හඳුනා ගන්නට තැත් කළ වාරයන් සිය ගණනකි. වධකාගාරවල ලිංගික අවයවයන් මිටි වලින් තලමින්, එල්ලා යටි පතුල් වලට පහර දෙමින්, අධි බල විදුලි සැර වද්දමින්, ගුද මාර්ගය දිගේ කටු කම්බි එස්ලෝන් බට යවමින්, නිය පොතු අඬුවලින් අදිමින් වධ බන්ධනයට ලක්වූවන් ගැන මම අසා තිබුණි. පන්සලේ බෝ මළුව ලේ වලින් පොඟවමින් එතනම වෙඩිතබා මරා දැමූ පොඩි හාමුදුරුවරුන් ගැන මම අසා තිබුණි. හදිසියේ  අත්හැර දමා ගිය හමුදාවේ වධකාගාරයක කුණු වෙමින් තිබූ දූෂණය කර මරා දැමූ සොයුරියන්ගේ මළ සිරුර මගේ දෑසින්ම දැක තිබුණි.

ඒ 87/89 යුගයයි. දැරුණු වධ බන්ධනයන්ට ලක් වුවද වචනයක්වත් පිට නොකළ උපතිස්ස ගමනායකද රූපවාහිනී ප්‍රකාශයක් බලහත්කාරයෙන් ලබාගත්පසු පණ පිටින් බොරැල්ලේ ආදාහනාගරයට විසි කළ රෝහණ විජේවීරද අපේ අම්මලා දන ගසා වැන්ද පන්සියයකට අධික හාමුදුරුවරුන් ද තවත් සිංහල තරුණ තරුණියන් හැටදහසක් ද මරා දැමූ යුගයයි. අද දවසේ රටට නායකත්වය දිය යුතුව තිබූ දැවැන්ත  තරුණ ජවය විනාශ කර සජිත් ප්‍රේමදාස වැන්නවුන් ඒ සඳහා අද දවසට ඉතිරි කළ ඒ කාලකණ්නි යුගයයි. 

ඒ මිනීමරු ආර්. ප්‍රේමදාස ගේ සද්භාවයේ වියරු පාලනයයි.


----------------
ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.19 ප්‍රවෘත්තිය


මගේ මාවත මානුෂීය ධනවාදයයි: මගේ පියා එල්ටීටීඊයට අවි, මුදල් දුන්නේ එල්ටීටීඊය බෙදීමට සද්භාවයෙන් -සජිත්

ප‍්‍රශ්නය: ඔබේ පියා එල්ටීටීඊයට මුදල් හා අවි දුන්නා කියා චෝදනාවක් තිබුණා. ඔබේ පක්‍ෂයේ අයත් මේ චෝදනාව එල්ල කරවා. මේකට සෘජු පිළිතුරක් දිය යුතුයි.

පිළිතුරු: රටේ සාමය ස්ථාපිත කරන්න මේ රටේ රාජ්‍ය නායකයන් විවිධ උපක‍්‍රම භාවිතා කළා. එය සද්භාවයෙන් කළ දෙයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජේ ආර්, මගේ පියා, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වුණත් මෙවැනි කි‍්‍රයාමාර්ග ගත්තා. මේ ආණ්ඩුව තමයි ඒකෙන් සාර්ථක වුණේ.
-----------

අනේ බිමලෝ


අනේ බිමල් කොළුවො අධෝ මුඛයෙන් වත්දැයි මේ කතා කොරාන්නෙ. 2005 කලා කරුවොයි කියන ඔය හැත්ත බුරුත්තත් එක්කොල තමුන්නැහැලගෙම කට්ටි‍ය නෙමේද සංවේදී නායකය දිනවන්න ජනතාවට කිව්වෙ. සජිත් කොළුවගේ තාත්තා තමන්ගෙම එවුන් හැට දාහක් මරල දැම්ම වගේ සංවේදී නායකය ලව්ව දෙමළ එවුන් හතළිස් දාහක් මරල දාන්න උඩ ගෙඩි දුන්නෙ. ඔහෙලම නෙමේද ප්‍රසන්න කොළුවට, හඳගම කොළුවට, දිවුල ‍කොළුවට කොටි ලේබල් ඇලෙව්වෙ. කොයි පාරෙන් ආවත් කොළුවො ඔක්කාරෙයි ඔක්කාරෙයි.

---------
ඉරිදා දිවයින - බිමල් රත්නායක - දෙසැම්බර් 19

"සහතික නොකළ මරණය" ගැන කියද්දී එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ යෑයි පොලිසියටත්, රාත්‍රියේ වීදි සරන සිවිල් ඇඳුමෙන් සැරසුණු, රාජ්‍ය අනුග්‍රහය ලබන මැරයන්ටත් සිතීම ගැන අප පුදුම විය යුතු නැත. එමෙන්ම පත් වූ අප මේ තත්ත්වයට ඉඩ දිය යුතු නැත. මේ මර්දනයේ ගොදුරක්‌ බවට පත් වූ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව ඇතුළු කලාකරුවන් සේම, "සංවේදී නායකයා දිනවන්න" යෑයි ජනතාවට කියූ කලා ක්‌ෂේත්‍රයේ උදවියද මේ ගැන බැරෑරුම්ව සිතිය යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත හැක්‌කේ මේ දෙබිඩි දේශපාලනය පැරදවීමෙන් පමණි.
----------

මූ වගේ එකෙක්

Cartoon from Lakbima News

මර්වින් මේ............ හාමුදුරුවන්ගේ අරක මිරිකුවට, සමෘද්ධියව ගස් බැන්දට, ලසන්තට ගේම දුන්නට, පෝද්දලට නෙළුවට, කුඩු වික්කට, පාතාලෙට බැස්සට, පබාගේ කුක්කු ඉල්ලුවට........... මම හිතුවෙ නෑ ඕයි තමුසෙ කැබිනට් එකට බතික් ෂර්ට් එකක් ඇඳං එන එක වගේ කැත වැඩක් කරයි කියලා..


සෝමේ මේ ඔබේ වාරයයි

සෝමේ බිය නොවන්න. මැරෙනා සැටි දැං පෙන්වන්න !!



--------
(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.19 ප්‍රවෘත්තිය)

විදේශ අමාත්‍යංශය මූන්ගේ කමිටුවට වීසා දෙයි

ශ‍්‍රී ලංකාවේ සිදුවූවා යැයි සැලකෙන යුද අපරාධ පිළිබඳ සොයා බලා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතාට උපදෙස් දීම සඳහා පත් කළ ති‍්‍රපුද්ගල කමිටුවට ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබාදෙන බව ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

විදේශ අමාත්‍යංශය මේ පිළිබඳ පවසා ඇත්තේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම විසින් සොයා බලා ඇති කරුණු ති‍්‍රපුද්ගල කමිටුවට ඉදිරිපත් කරන බවයි.

කමිටුව ශ‍්‍රී ලංකාවට එන දිනයක් ගැන සඳහන් නොවුවත් ශ‍්‍රී ලංකාවේදී ඔවුන්ට ස්වාධීන පරීක්‍ෂණයකට ඉඩ නොලැබෙනු ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

 ----------
(ලංකා ඊ නිව්ස් 2008 ජන.18 ප්‍රවෘත්තිය)

හමුදා නිලධාරීන් අධිකරණයට ගෙන යා හැක්කේ අපේ මළ කඳන් උඩින් -ජවිපෙ නායක

මෙරට හමුදා නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ලූවිස් ආබර් මහත්මිය ප‍්‍රකාශ කොට ඇත්තේ රටම බිය වැද්දීමටය. ලෝක රාජ්‍ය ත‍්‍රස්තවාදය මෙයයි. මෙරට හමුදා නිධාරීන්ට එසේ චෝදනා කොට අධිකරණයට ගෙන යා හැක්කේ අපේ මළ කඳන් උඩින් බව සපථ කොට කියමු.

කුඩු සිල්වලාට ගිය රට


මංගල කොල්ලට වැඩක් නැති පීඩිත පංතියේ අනර්කලී කෙල්ලගෙන් කුඩු දුමින්ද කොල්ලා වැඩක් ගත්තේය. මට විතරක් ආතල් තියරියේ කුඩු දුමින්ද කොල්ලාගේ ලිංගික ඉරිසියාවේ ප්‍රතිඵලය වූයේ 2008 ජුනි මාසේ අනර්කලී කෙල්ලව (අම්මාවත් එක්කම !!) පැහැර ගන්නට ගොස් නඩුවක් වැටීමය. 

නඩුව දිව්වේය. කුඩු කෙළියක් සහ අයියාගේ රේඩියෝ චැනල් ලයිසොන් කෙළියක් හින්දා දැං දුමින්ද කොල්ලා මහින්ද අංකල්ගේය. වෙන කෙළියක් හින්දා අනර්කලී කෙල්ලත් මහින්ද අංකල්ගේය. අනර්කලී මන්ත්‍රී කෙල්ලත් උසාවියේය. දුමින්ද මන්ත්‍රී කොල්ලාත් උසාවියේය. ගෝඨා අංකල් මැද්දේය. නඩුව ඉතිං අහවරය.

කුඩු  ව්‍යාපාරික සහ කාන්තාවන් පැහැරගන්නා රෝස පාටට වැඩියෙන් කැමති  දුමින්ද කොල්ලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යංශය අධීක්ෂනය කිරීමට බාර දී ඇත. ඕක අධීක්ෂනයට ඉන්න හොඳම සුදුස්සා අර සිල්වා ඇරුනු කොට මේ සිල්වාය. 

මරුය.




යුද්ධයෙන් චූන් වීම

යුද්ධයෙන් වඩාත් පීඩාවට පත්වන්නේ දරුවන්ය. පියවරුන් හා මව්වරුන් අහිමිවීමෙන් පමණක් නොව දහස් ගණනින් ජීවිත හානි වීමෙන් හා සදාකාලික අබාධියන් බවට පත්වන්නේද කිසි වරදක් නොකල කුඩා දරුවන්ගේමය. එමෙන්ම යුද්ධය ඇතිව හෝ නැතිව යුද්ධය හුරතල් කරන සමාජයක එම සමාජයේ කුඩා දරුවන්ගේ මනස් රෝගාතුර වීමේ බරපතළ අවදානම වටහා නොගත් කල හෙට දවස වෙනුවෙන් ඉතිරිවන්නේ මිටත් වඩා පලිගැනීමේ උමතුවෙන් පෙළෙන රටකි. රූපවාහිනිය, පත්තර හා රේඩියෝව දරුවන් වෙනුවෙන් තාත්තලාගේ කාර්යභාරය සිදුකරණ කල්හී හෙට වැඩිහිටියන් බවට පත්වන්නේ එක්ස් කණ්ඩායම වරක් කිව්වාක් මෙන් ළමාවිය ඔවුන්ගේ වැඩිහිටි ජීවිතය තුළද සදාකාලිකවම රඳවා ගනිමිනි.

ඔබට දරුවෙක්ව යුද්ධයෙන් අයින් කර තබන්නට පුළුවන්. නමුත් දරුවාගෙන් ඔබ යුද්ධය අයින් කරන්නේ කොහොමද?


පහතින් දැක්වෙන්නේ අද දිවයිනේ මුල් පිටුවේ ඡායාරූපය හා සටහනයි. මෙයට මේ සමාජය චූන් කරවන යුද උන්මාදය හැර වෙන කුමක් කියන්නද?

-----------
තිස්‌ වසරක කොටි ත්‍රස්‌තවාදය අවසන් කර දැමීමේ මානුෂීය මෙහෙයුම් වලදී යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකාය ඉටුකළ මෙහෙවර අති මහත්ය. එදා සතුරු බල මුළු විනාශ කරමින් සටන් පෙරමුණේ පෙරට ඇදුන සන්නද්ධ යුද ටැංකි මෙහෙයවූ රණවිරු පියවරුන්ගේ දරුවෝ මෙදා එම යුද ටැංකි මත නැඟී සිය පියවරුන් පෑ විකුම් සිහිපත් කළ අයුරු දැක්‌වෙන මෙම සංවේදී දසුන මෝදර රොක්‌ හවුස්‌හි සන්නාහ සන්නද්ධ බලකා මූලස්‌ථානයේදී ඊයේ (15 දා) අපට දැකගත හැකිවිය. 
සටහන : සිරිමෙවන් ඡායාරූපය : සුජාතා ජයරත්න

යුද්ධය සඳහා සාම ත්‍යාගය



සාමය සඳහා වූ සම්මාන දෙන්න ඕනෙ සාමය සඳහා පෙනී සිටින අවිහිංසාවාදීන්ට. එහෙම නැතුව සාමය සඳහා කියාගෙන යුද වදින හමුදා නිලධාරීන්ට නොවෙයි. එහෙම හමුදා නිලධාරියෙකුට හෝ සොල්දාදුවෙකුට සාම ත්‍යාගයක් දෙනවා නම් ඒක දෙන්න  ඕනෙ යුද වැදීම ප්‍රතික්ෂේප කරල ඒකෙ තියෙන කාලකණ්නි ස්වභාවයට එරෙහි වූවන්ට හෝ අත් හැර දැමූවන්ට. ගුසී සාම ත්‍යාගය දැනටත් ක්‍රියාන්විත රාජකාරියේ සිටින මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ වැන්නෙකුට ලැබීම විහිළුවක්. 

අපි හිතමුකෝ යුද්දෙන් රටට සාමය ගෙනාව කියලා (ඉල කකියනවා). ඒත් මේ සම්මානය විහිළුවක් වෙන්නේ යුද්ධයේ අවසන් කාලයේ රටෙත් නොහිටපු මහින්ද හතුරුසිංහ වැන්නෙකුට ලැබීමයි. කියන තරමට දෙමළ ජනතාවගේ ජීවිත නඟා සිටුවල තියෙන හැටි ගැන නම් කතා කරලම පණ නැහැ.


ආසියානු නොබෙල් සම්මානය කියල කියන හින්ද ඒ වැඩේ ඇති වැරැද්දකුත් නැහැ. දැනටත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කරන ඔබාමටත් පහු ගිය අවුරුද්දක නොබෙල් සාම ත්‍යාගය හම්බ උනානෙ.

මට පේන්නේ අනිත් මේ මහින්දත් කාගෙ හරි කණෙන් රිංගලා වගේ පහුගිය කාලෙ පිලිපීනෙ හිටිය ටිකට.

මෙන්න ප්‍රවෘත්තිය (ප්‍රවෘත්තිය පරණ උනාට සම්මානය හම්බ උනේ ඊයෙ පෙරේදා):
 ------
යාපනය ආඥාපතිවරයාට ජගත් සම්මානයක් - දිවයින ඔක්තෝබර් 14

යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය උදෙසා සිදු කළ මෙහෙවර අගයමින් පිලිපීනය ජාත්‍යන්තර සාම ත්‍යාගයක්‌ පිරිනැමීම සඳහා ඔහු තෝරාගෙන ඇත. 

පිලිපීනයේ ගූ+ෂී පදනම මගින් මෙම සාම ත්‍යාගය මේජර් ජෙනරාල් හතුරුසිංහ වෙත පිලිපීනයේ මැනිලා නුවරදී පිරිනැමීමට නියමිතය.යාපනයේ අසරණ දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවාලීම සඳහා කරගෙන යනු ලබන මානුෂික මෙහෙවර සහ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය උදෙසා සිදු කරන සුවිශේෂී මෙහෙවර ඇගයීමට ලක්‌ කර මෙම ජාත්‍යන්තර සාම ත්‍යාගය මේජර් ජෙනරාල් හතුරුසිංහ වෙත පිරිනැමීමට පියවර ගෙන ඇත.
------

සිංහල ජාතික ගීය සහ වෙනම රටක්



ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය මින් පසු ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක් බව කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා තීරණය කර තිබේ.

ලොව කිසිදු රටක් ජාතික ගීයන් භාෂාවන් දෙකකින් ගායනා කරන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ කර ඇති අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට පක්‍ෂව කතා කරමින් පවසා ඇත්තේ ඉන්දියාවේ භාෂා 300 කට අධික ප‍්‍රමාණයක් තිබුණත් ජාතික ගීය ගයන්නේ හින්දි භාෂාවෙන් බවයි.

කෙසේ වුවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු මෙම අදහසට විරුද්ධ වුවත් ජනාධිපතිවරයාගේ එම යෝජනාවට කැබිනට් මණඩල අනුමැතිය දී තිබේ.

ලංකා ඊ නිව්ස්-2010 දෙසැ. 12
-----------------

හහ් හහ් හා ... දැං එතකොට දෙමළ ජාතිකයින්ට වෙනම රටක් ඕනෑ කියන එක ආණ්ඩුවෙන්ම සහතික කරල තියෙනවා.

කට ඇරියොත් නාගන්න විමල් මහින්ද ගුණදාස ටයි මෙන්න මේ පාඩම:

ඉන්දියාවෙ ජාතික ගීය තියෙන්නෙ හින්දි භාෂාවෙන් නෙමෙයි. ඒක ලිව්‍ව රවීන්ද්‍රනාත් තාගෝර් බෙංගාලි ජාතිකයෙක් හින්දා ඒක බෙංගාලි භාෂාවෙන් තියෙන්නෙ. ඒක ගොඩාක් සංස්කෘත වචන වලින් පිරිච්ච බෙංගාලි ගීතයක්. ඒක හින්දි භාෂාව මහ භාෂාව වෙච්ච ඉන්දියාවට ප්‍රශ්නයක් නැහැ.

කැණඩාව ද ස්විස්ටර්ලන්තය ඇතුළු භාෂා එකකට වැඩි ගණනකින් ජාතික ගීය තියෙන රටවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම වචන වලින් තොරව සංගීතය විතරක් තියෙන ජාතික ගී ඇති රටවල් තිහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. භාෂා වැඩි ගණනක් ඇති රටවලට ඒක හොඳ විකල්පයක්.

මේ වගේ පටු ජාතිවාදය ලෝකයෙන්ම තුරන් වෙලා යන කොට ලංකාවෙ ඒවා විමල් මහින්ද ගුණදාසල තළු මර මර බුදිනවා.

ගස් මැට්ටන්ට කොයිකත් විහිළුවක්. බඩ වටේ බඩු ගොඩ ගැහෙනවනම්. සිංහල ද දෙමළද කියල නැහැ කොයි ජාතියත් උන්ට විහිළුවක්.

පස්සා පැත්ත හේදීමේ ජාතිවාදය



පස්සා පැත්ත හේදීමේ කටයුත්තේ පටන් ජාතියක් වශයෙන් නම්බුකාරවීම, ජාතිවාදය ඇවිස්සීම සඳහා යොදවාගැනීමට තරම් දැන් මෙවැනි මාධ්‍යවේදීන් යැයි කියාගන්නවුන් පහත් තත්වයට පත්ව ඇත. සුද්දන්‍ පස්ස පැත්ත වතුරෙන් නොසෝදා ටොයිලට් පේපර්ස් මඟින් පිසදා ගැනීම සංස්කෘතික හා  එම රටවල් වල දේශගුණය හා සම්බන්ධ කාරණාවක් බව මොවුන් නොදනී.

පහතින් දැක්වෙන්නේ පසුගිය දෙසැම්බර් 08 දා දිවයින පුවත්පතේ පලවූ ලිපියකින් කොටසකි.

-------
එදා මොකද වුනේ!

වැසිකිළි කැසිකිළි ගොස්‌ කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක්‌ බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම්s මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක්‌ කර තිබේ.

සමන් ගමගේ
--------

දේශපාලන හොරු

රට සූරා කෑමේ දේශපාලන සූදුවේ කප්පිත්තෙකු වීමට නම් ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා වූ විශේෂිත ක්‍රමවේදයක් ඇත. ප්‍රාථමික ලාංකික ඔළු තුළ සංජානන ය වීම සඳහා මාධ්‍ය මඟින් කාවද්දන මෙම සිදුවීම් හා අදාල දේශපාලකයන් හඳුනා ගැනීමේ දී මොවුන්ගේ දීර්ඝ කාලීන අරමුණු ලේසියෙන් සොයාගත හැක. පහතින් දැක්වෙන්නේ එවැනි සිද්ධීන් හා ලංකාවේ දේශපාලනයට පමණක්ම උරුම මනෝභාවයන් කීපයකි.

ජාතික සමඟිය - නල්ලූර් කෝවිලේ පූජාවට සහභාගි වීම

ආගමික භක්තිය - අස්ගිරි හා මල්වතු නායක හාමුදුරුවරු මුණගැසීම

රටේ අනාගතය - කුඩා දරුවන් ඔසවා සුරතල් කිරීම

කෘෂිකර්මාන්තයට ලැදියාව - කුඹුරට බැස හරක් පස්සේ යෑම

විදේශ සේවා - විවිධ රාජ්‍ය නායකයින් සමඟ හිඳ ඡායාරූප ගැනීම

ජාතික හැඟීම - ජාතික ඇඳුම ඇඳීම

රටේ සාමය - පරවියන් නිදහස් කිරීම

එක් උදාහරණයක් සඳහා පහත ඡායාරූප බලන්න. කොහොමත් මේ අයට නම් ඇඳුමක් ඇඳන් දෙමළ කෝවිලකට යාමට පුළුවන්කමක් නැත.







N කියන්නේ නෑම


විමල්: 
මං මෙහෙ දුන්නා නියමෙට මහින්ද අයියා lan කරන්න පැය කීපෙකට ඉස්සෙල්ල brtis hi comison එක ඉස්සරහ සුද්දන්ව උඩ ගිහින් විසි වෙන්න.

මහින්ද: 
මං දැක්කා මං දැක්කා එළකිරි වගේ. උඹ අර N අකුර නැතුව Condemn එක ගැහුවෙ සුද්දගෙ බාසාවටම කෙළවන්නනේ. උඹ නම් ලෝක පුතයා.

විමල්: 
මොන N අකුරක්ද මහින්ද අයියා. කොන්ඩෙම් එකට කොහෙද අල් නයන්නක්. baner එක ඇඳපු හාදයත් ඕක කිව්වා. මං අහුවෙයි ඕවට. සුද්දට හොඳට තේරුණණණණණා.


එක සිංදුවේ මාවත

ප්‍රශස්ථි ගැයීමේ දී හරියටම නිලය අතගෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහේලි ගමගේ ට එක සිංදුවේ මාවතක් හිමිවී ඇත. පහත දැක්වෙන්නේ නම් කිරීමට නියමිත ඉතිරි මාවත්ය. මෙහි මුල් සටහන සඳහා මෙතනට යන්න. 



රෝහණ වීරසිංහ මාවත
මාලිනී ෆොන්සේකා මාවත
ජැක්සන් ඇන්තනී මාවත
සෝමරත්න දිසානායක මාවත
රවීන්ද්‍ර රන්දෙණිය මාවත
උපේක්ෂා ස්වර්ණාමාලී මාවත
සිරිල් වික්‍රමගේ මාවත
කරුණාරත්න දිවුල්ගනේ මාවත
අනර්කලී මාවත
සුසන්තා චන්ද්‍රමාලි මාවත
රොබින් ප්‍රනාන්දු මාවත
විජේරත්න වරකාගොඩ මාවත
ජානක වික්‍රමසිංහ මාවත
ශි‍්‍රයානි අමරසේන මාවත
මැණිකේ අත්තනායක මාවත
සුනිල් සෝම පීරිස් මාවත
බුද්ධි කීර්තිසේන මාවත
ගීතා කුමාරසිංහ මාවත
ප්‍රියංකර පෙරේරා මාවත
රෝහණ බෝගොඩ මාවත
රනිල් මල්ලවආරච්චි මාවත
අමිල අබේසේකර මාවත
රංජිත් රූබසිංහ මාවත
නිමල් ලක්ෂපතිආරච්චි මාවත
ඩග්ලස් සිරිවර්ධන මාවත
බන්දුල විජේවීර මාවත
දයාන් විතාරණ මාවත
විජය නන්දසිරි මාවත
තිස්ස උඩංගමුව මාවත
පාලිත සිල්වා මාවත
සුදත් රෝහණ මාවත
සුමින්ද සිරිසේන මාවත
සරත් දික්කුඹුර මාවත
ශ‍්‍රියන්ත මෙන්ඩිස් මාවත
රේණුකා බාලසූරිය මාවත
අශෝක සේරසිංහ මාවත
කුමාරදාස සපුතන්ත‍්‍රී මාවත
දෙනගම සිරිවර්ධන මාවත
බුද්ධදාස විතානච්චි මාවත
ජී ආර් පෙරේරා මාවත
චන්න පෙරේරා මාවත
නිල්මිණි තෙන්නකෝන් මාවත
අසේල බණ්ඩාරනායක මාවත
අජීත් ලොකුගේ මාවත
අමරසිරි පීරිස් මාවත
නීලා වික‍්‍රමසිංහ මාවත
රෝහණ බැද්දගේ මාවත
එඞ්වඞ් ජයකොඩි මාවත
සෝමතිලක ජයමහ මාවත
දීපිකා ප‍්‍රියදර්ශනී මාවත
බන්දුල විජේවීර මාවත
චරිතා ප‍්‍රියදර්ශනී මාවත
ප‍්‍රදීපා ධර්මදාස මාවත
චම්පා කල්හාරි මාවත
සේනානායක වේරලියද්ද මාවත
ක‍්‍රිශාන්ත එරන්දක මාවත
සූරියකුමාර මුත්තලගේ මාවත
නිශ්ශංක දිද්දෙනිය මාවත
කුමාරි මුණසිංහ මාවත
බණ්ඩාර අතාවුද මාවත
අමල් පෙරේරා මාවත
හර්ෂන දිසානායක මාවත
සහේලි ගමගේ මාවත
සුනිල් ආර් ගමගේ මාවත
සමන්ත පෙරේරා මාවත
සුමිත‍්‍රා පීරිස් මාවත
කපිල හේරත් මාවත
භාතිය මාවත
සංතුශ් මාවත
හිමාලි සයුරංගි මාවත
ඉරාජ් මාවත
රවිඳු ලංකාගේ මාවත
ටීෂා මාවත
සනත් ජයසූරිය මාවත
 මුත්තයියා මාවත
ලසිත් මාලිංග මාවත