A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

නැම්ම


‘ඔය ළමයා ඉගෙන ගත්තු ළමයනෙ ඔචිචර නැමෙන්න එපා. ගිය පාර අංශක 32 ටනෙ නැමුනෙ. මේ පාර ඊටත් වඩා නැමිලනෙ’

‘කමක් නැහැ සර්.. ලැජ්ජාවක් නැහැ සර්....විදුලි බල මණ්ඩලේ ආයෙමත් දෙනවනේ. සලකන ගානට නැමෙන්නනං සර්’

මම හොරා නං උඹත් හොරා !


වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී පක්ෂයට නොකියන ලෙස ඉල්ලා සිටිමින් චිත්‍රපටයක් හැදීමට කියා රුපියල් මිලියන 5ක් ණයට ඉල්ලා ගත් බව ටිරාන් අලස් පැවසුවේ මේ අවුරුද්දේ ජනවාරියේදීය.


ඕක හොඳට මතක තියා ගෙන හිටපු විමලයා පහුගියදා සිය වෙබ් අඩවියේ මාස දහයකට පසු මෙහෙම දෙයක් පවසා ඇත්තේ ‘අරින්නෑ මමත්’ න්‍යායෙනි.

---------
ටිරාන් අලස් ෆොන්සේකාගේ සල්ලි හොරකම් කරලාලූ - ලංකා සී නිව්ස් - නොවැ 28, 2010

ෆොන්සේකා විසින් අදාල මුදල් වියදම් කිරීම සඳහා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි ටිරාන් අලස් පත් කරනු ලැබුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටය. වාර්තා වන පරිදි එක් අවස්ථාවකදී ඔහුට මිලියන් 07 ක් ලබා දී ඇති අතර ඉන් මිලියන් 04 ක් ජවිපෙට ලබා දී ඇති නමුත් ඉතිරි මුදල වූ දෙයක් නැති බව පවසයි.
---------

‘මම හොරා නං උඹත් හොරා’


අහුවෙන්න එපා ඕකා සත්‍යවාදියා


මචං අහුවෙන්න එපා ඕකා සත්‍යවාදියාමගේ මිත්‍රයෙක් තව පුද්ගලයෙක් ගැන කීවේය.
සත්‍යවාදියා නම් මොකෝ බං අහුවෙන්න එපා කියන්නෙමට අප්‍රබංසය නොතේරුණි.
ඕකා ධර්මෙන් තමයි ටෝක් දෙන්නෙ. අඬන්නෙ නැතුව විතරයි, පණ දෙන්න වගේ කෙබර නෙලන්නෙ, අහු වෙන්න නං එපා
ඉතිං සත්‍යවාදියා කිව්වෙමට තාමත් නොතේරුණි.
සුනිල වගේ බං ඒකයි
සුනිල කිව්වෙ
සුනිල් මාධව..... සුනිල් මාධව.....

බලන කොට දැං ඒ වගේ අයට කියන්නෙ සත්‍යවාදියා’ කියල.

සත්‍යවාදියා අඳුනාගැනීමට සිළුමිනේ 'ජීවිතය සුන්දරයි' කියවන්න. මේ ඉන් එක් කොටසක් නොවැ 11, 2010 පත්තරෙන්.

--------
සුනිල් අයියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපන් දිනයට සුබ පතන්න ඇති නේද?”

මටත් මචං මගේ උපන් දිනයට ජනාධිපති, අගමැති විපක්ෂ නායක වගේ අය සුබපැතුම් එවනවා. ඒත් මම ජනාධිපතිතුමාට සුබ පැතුවෙ මගෙ හිතෙන්. සුබ උපන් දිනයක් වේවා! දීර්ඝායු වේවා! කියලා මගේ හදවතින් සුබ පැතුවා.

ලාඕට්සේ කියන චීන දාර්ශනිකයගෙ කතා වක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ දාර්ශනිකයා අධිරාජ්‍යයාගෙ උපන් දිනයට සුබ පැතුවා. සුබ උපන් දිනයක් වේවා අධිරාජයාණනි, ඔබට දීර්ඝායු වේවා බොහොම ස්තුතියි, බොහොම ස්තුතියිඅධිරාජයා හිනාවෙමින් කිව්වා. ලාඕට්සේ කතා කළා.

අධිරාජයාණනි, මම ඔබතුමාට සුබ පැතුවේ දීර්ඝායු පැතුවේ මේ රටේ ජනතාව ගැන කල්පනා කරලයි. ඒ ඇයි ද කියා දන්නවාද? ඔබතුමාට දීර්ඝායු ලැබුණොත් පොදු ජනතාවට සහනයක් සහ හොඳ ජීවන තත්ත්වයක් ලැබෙයි කියන බලාපොරොත්තු ඔවුන් ළඟ තාමත් තියෙනවා.
--------

.....සුනිල් අයියේ මං උඹව මහ හයියෙන් බදා ගන්නවා ‘සත්‍යවාදියා’ කියන වචනෙ තේරුම හොයල දුන්නට.

ජවිපෙ හිරිකිතවාදය


සුනිලගෙ ඔලුවට පොල්ලකින් ගහල. පොලු පාර කාගෙනම දෙමළ ජාතික අම්මලාගෙ අනුකම්පාවත් කොල්ලකනවා. ‍පොලුපාර දුන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන් කියලා ජවිපෙ මාධ්‍ය සාකච්චාවකුත් තිබ්බා.


ෂුකාර්ට මතකයි ඔය සුනිලගෙ ඇ‍‍ඬෙන මූන ඔය ගානටම වගේ ඇඬිල තිබුනා ජෙනරාල් හිරේ ගිය දවස් වල අනෝම නෝනෙ ගාව. දකුණෙ ජෙනරාල්ව නිදහස් කරගන්න අනෝමත් එක්ක අඩ අඬා මහන්සි වෙනගමං උතුරට ගිහින් ජෙනරාල් විසින් වග කිව යුතු අතුරුදහන් වෙච්ච දෙමළ තරුණ තරුණියන්ගේ අම්මල ගාව අඬනවා. කිසිම හිරිකිතයක් නැතුව ඒ ගෑනුන්ගෙ වැලපීම්, දුක,සන්තාපය කොල්ලකනවා. ඒ දරුවන්ගෙ අතරුදහන් වීම් වලට උන් (ජවිපෙ) සීමාරහිතව දායකත්වය ලබා දීල, කෙළවර අමා මහ නිවන් ආනිසංශය ලබාගන්න පාරවල් ගානෙ කිරිබතුත් කෑව. ඒ බව දන්නෙ නැති තරමට ඒ දෙමළ මිනිස්සු වෙන රටක ද කොහෙද ජීවත් වෙන්නෙ.  නැතිනම් ඔය පොලු පාර එන්නෙ ඔය ගෑනුන්ගෙන්.

ඉස්සර තමයි කිව්වෙ ජවිපෙ අවස්ථාවදය ගැන. මේක හිරිකිතවාදය.


වාසු නාන කොට යටිං ඔලුව ඇල්ලීම


සමාවෙන්ටෝන. තවත් කොප්පයක් ගහනවට. මේක අහු උනේ ‘අඹ ගහ යට’ බ්ලොග් එකෙන්. 


"වම" කියන්නෙ මොකක්ද?
ආ.. ඒක හුළං විදුලියේ කොලොම්බියා තැටියකටත් වඩා පරණ බයිලයක් 

එතකොට මාක්ස්වාදය කියන්නේ?
ඒ මොකක්ද? වයසට යද්දියි සම්‍යක් දෘෂ්ඨිය පහළ වෙන්නෙ. උඹලටත් තේරෙයි නාකි වුණාම. 

එතකොට කම්කරු නායකත්වයට මොකද වෙන්නෙ?
මේස පිහියෙන් පාන් ගෙඩියක්වත් කපල නැති එවුන් කම්කරු නායකයො විදියට පිළිගන්න එක මෝහයයි. ඒක කම්කරුවන්ගෙ දෝෂයක්. 

එහෙනම් යන්නද සහෝදරය..?
සහෝදරය නෙවෙයි යකෝ ගරු ඇමැතිතුමා... 


වාසු මහින්දගෙ ළි‍ඳෙන් ඇදං නානවා. පුරුද්දට ද වයසටද මංදා. දැන්වත් සැපක් ! කියල හිතෙනවා ඇති. වාසු නාන කොට යටිං ඔලුව අල්ලන කෙනෙක් ඉන්නවා ආ.නි.ර. දේවසිරි කියල වාසු වැනුමක් පත්තරේකට ලියල.

ජන මූල ජැක්සන්


ජැකසන් ඇන්තනිට පිස්සු හැදීම ගැන ලියපු මරු ලිපියක් බ්ලොග් එකක දැක්කා. ඉල කකියනවා. ඒක ගිහින් මෙතනින් බලන්න.

මට ජන මූල ජැක්සන් ට පිස්සු කියල තේරුනේ දැන් සෑහෙන කාලෙකට ඉස්සර යුද්දෙ ඉවර කළාට පස්සේ රිවිර පත්තරේට කරල තිබුණ ප්‍රකාශයක් හින්දා.

‘දැන් භූමිය එක් සේසත් කරල ඉවරයි. දැන් සිතිවිලි එක් සේසත් කරන්න ඕනෙ. ඒක මාධ්‍ය කාරයන්ගෙ වැඩක්. ජාතික ප්‍රශ්නෙට යුදමය හා දේශපාලන විසඳුමක් දීල ඉවරයි. දැන් තුන්වන විසඳුම සංස්කෘතික විසඳීම ලබා දිය යුතුයි. ඒකට තමා මාත් මේ වැඩේට බහින්නෙ’

ජැක්සන්ට ජාතික ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් කියන්නෙ මහ රජා කාල විසිකරන මස් කට්ටක් විතරයි. ඒක ලෙවකන ගමන් තමයි ඕව කියවන්නෙ.

ජෙනරාල් සහ බඹසර




ටික කාලෙකට ඉස්සෙල් ෂුකාර්ට මරු වීඩියෝ එකක් හමිබ වුනා. ඉල කකියනවා. පලවෙනි පේලි ටික විතරක් ඇහිලද කොහෙද මේක ජෙනරාල් උන්නැහෙට උපහාරෙට ලියල තියෙන්නෙ.


සීතල පොළොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පළසක් වේවා
ජේලර් මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත් පත දිව බොජුනක් වේවා

ඉතුරු ටිකේ තියෙන්නේ ‍ජෙනරාල් බඹසර බේරපු කතාවක්. ජෙනරාල් - බඹසර ගැලපෙන්නැති වචන දෙකක්. ඒකට ඉල තවත් කකියනවා

මා මුර ගෑවේ පිහිටක් අයදින්ටයි
දන වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසඳන්නයි

මිත්‍රයෙක් කිව්වා මරු කතාවක්. ‘ඔය කියන්නේ ලංකා මාතව ගැන ඕයි.. ලංකා මාතව ගැන... දන වැද්දා කියන්නෙ රජාට’

කැප්පෙටිපොල විමල්


කැප්පෙටිපොලත් බයවෙලා වගේ බැලුවා ‘එකපාරටම මාව උස්සපු මුං කවුද’ කියලා.

විමලය මේක අල්ලගත්තෙ සෝමවංශගෙන්. අවුරුදු කීපයකට උඩදි සෝමෙ කියල තිබුනා ‘ජාතික හැඟීම කියන්නෙ අපිට අළුත් දෙයක් නෙමේ. විජේවීර සහෝදරය මුල් කාලයේ මාක්ස් ලෙනින් ට අමතරව කැප්පෙට්ටිපොලගෙ පින්තූරත් වේදිකාවෙ ගහගෙන හිටියා’ කියල. විමලය ඕක අල්ල ගන්න ඇත්තෙ ඔතනින්.

මාක්ස්, එංගල්ස්, ලෙනින්, විජේවීර මෙහෙම කතා වෙනවා ෂුකාර් ට ඇහුනා. ‘මේ යකා අපිව ස්ටේජ් එකෙන් මාරු කළා ද මේ යකා ස්ටේජ් මාරු කළාද!!’

කාලෙකට පස්සේ..


ආයෙමත් මේ බ්ලොග් එක පටන් ගන්න හිතුනා. පොඩ්ඩක් ෆෝමැට් එක වෙනස් කරල ඒත් කර ගෙන ආපු විදියටම ඇද ගෙන යන්න උත්සාහ කරනවා. මේක නැවතුනේ කාලය නාස්ති කිරීමක් කියල හිතිල. බලං හිටියා... බලං හිටියා... ඒත් මේ වැඩෙත් මොකෙක් හරි කරන්න එපැයි. නැත්තං මු අපිටමයි පස්ස පැත්ත පෙන්නන්නෙ.