A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Maskවාදයට එරෙහිව Marxවාදයේ Maskවාදය



ජවිපෙ ලැදි ජවිපෙ හිතවත් (සමහරවිට ජවිපෙම වන) කණ්ඩායමක් අව්රෝරා නමින් එළිදක්වන සඟරාවක පිට කවරයක් ඇහැ ගැටුනා. ඒකෙ තිබුනේ Maskවාදයට එරෙහිව Marxවාදය යනුවෙන්. හිනායන කාරණාව වෙන්නේ ජාතිකවාදයෙන් ජාතිවාදයට ත් ගිහින් සදාකාලිකවම උපක්‍රම සඳහා කියා ගනිමින් අවස්ථාවදයට ගොදුරුවුණු ජවිපෙ හිතවත්හු මාක්ස්වාදයක් ගැන කතාකිරීමයි. මේ වෙනකම් ජවිපෙට තියෙන දේශපාලන අතීතය මාක්ස්වාදයෙන් විග්‍රහ කළොත් කාල් මාක්ස් වුනත් මැරිච්ච තැනකින් නැගිටල එයි. චේ ගුවේරාවත් පැෂන් එකක් වෙච්ච ජවිපෙට මැයි දිනය දවසට වේදිකාවෙ පිටිපස්සෙ එල්ලන්න විතරක් මතක්වෙන කාල් මාක්ස් වත් ජවිපෙට පැෂන් එකක් විතරයි. අව්රෝරා කට්ටිය අළුත් පරම්පරාවට Marxවාදය මොඩනයිස් කරන්න හදනවා. 

මාක්ස්වාදයට මාස්ක් එකක් දැම්මෙ දීප්ති සහ එක්ස් කණ්ඩායමත් ඒකෙ හිටිය කල්‍යානන්ද, නිර්මාල්, සුමිත් චාමින්ද ල වගේ අය නව මාක්ස්වාදයක් කියවන්න ගිහිල්ල. නතරවුනේ එක්ස් එක් ඩබල් එක්ස් වෙලා. න්‍යායාත්මක මාක්ස්වාදය ඉගෙන ගන්නවනම් ලාංකාව ඇතුලෙම  මරු ඉස්කෝලයක් තියෙනවා සසප කියල. සිදුවෙච්ච ඕනෙම දේකට මාක්ස්වාදී විග්‍රහයන් කට පුරෝල හමිබ වෙනවා. හිතට සනීපයි. සංතෝසයි.

මාක්ස්වාදය ලංකාව ඇතුලට ඕන වෙන්නෙ ජවිපෙ නිසා නෑවුනු අසූචි හෝදා ගත් අළුතින් හිතන්න පුළුවන් පරම්පරාවකට.

3 comments:

  1. යාළුවා තවමත් පිට කවර ගැන විතරක් බලලා විචාර කරනවා වගේ. අවුරෝරා වගේම ලංකාවේ දේශපාලන පක්ෂ ගැනත්, දේශපාලනය ගැනත්, මාක්ස් ගැනත් කියන්න පුළුවන් තරමට ඔයා මාර පොරක්නේ...

    ReplyDelete
  2. මෙය ලිව්ව කෙනා ජේ.වී.පී. විරෝදියෙක් බව පේනවා...තම ජේ.වී.පී. විරෝදය නිසාම ජේවීපී යට පහරදීමට ගත් මෝඩ උත්සහයක්....

    ReplyDelete
  3. Hi, Do you speak English?
    If so, can you contact me on glo@inaglo-photography.co.uk please. I have some questions regarding the photo abov.
    Thank you.

    ReplyDelete