A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සද්ගුණවත් ප්‍රේමදාස


රාත්‍රිය පුරා වෙඩි හඩ ඇසුණෙන් එළිය වැටුණු සැනින්ම බයිසිකලය රැගෙන හැල්මේ පැද්දේ මරා දමා තිබුනේ කවුරුන්දැයි සොයා ගැනීම මගේ රාජකාරිය වූ බැවිනි. වටපිටාව සීතලය. තවමත් යාන්තමට අඳුරුය. ඈතින් හන්දියේ බෝගහ අසල දැල්වෙන ටයර් කීපය දකින්නටත් මත්තෙන් කර ගඳින් නාසය දවයි. ටයර් අතරින් ගිනි සැර ඉවසනු නොහැකිව ඉහළට නැගුණු දැවුණු අත පය ජීවිතය ඉල්ලා කෑගසනු වැන්න. සිරුරු හත අට අතරින් කිසිවෙකුත් හඳුනාගත නොහැක. එහෙත් ඒ සියල්ලම මවැනි තරුණයන්ය. තරුණියන්ය. මා විසින් මගේ දෑසින්ම දැක තිබූ මෙවැනි ටයර් සෑයන් සිය ගණනකි. පාලම යට පා වෙවී තිබුණු මළ සිරුරු කෝටු වලින් ඇන හරවමින් හඳුනා ගන්නට තැත් කළ වාරයන් සිය ගණනකි. වධකාගාරවල ලිංගික අවයවයන් මිටි වලින් තලමින්, එල්ලා යටි පතුල් වලට පහර දෙමින්, අධි බල විදුලි සැර වද්දමින්, ගුද මාර්ගය දිගේ කටු කම්බි එස්ලෝන් බට යවමින්, නිය පොතු අඬුවලින් අදිමින් වධ බන්ධනයට ලක්වූවන් ගැන මම අසා තිබුණි. පන්සලේ බෝ මළුව ලේ වලින් පොඟවමින් එතනම වෙඩිතබා මරා දැමූ පොඩි හාමුදුරුවරුන් ගැන මම අසා තිබුණි. හදිසියේ  අත්හැර දමා ගිය හමුදාවේ වධකාගාරයක කුණු වෙමින් තිබූ දූෂණය කර මරා දැමූ සොයුරියන්ගේ මළ සිරුර මගේ දෑසින්ම දැක තිබුණි.

ඒ 87/89 යුගයයි. දැරුණු වධ බන්ධනයන්ට ලක් වුවද වචනයක්වත් පිට නොකළ උපතිස්ස ගමනායකද රූපවාහිනී ප්‍රකාශයක් බලහත්කාරයෙන් ලබාගත්පසු පණ පිටින් බොරැල්ලේ ආදාහනාගරයට විසි කළ රෝහණ විජේවීරද අපේ අම්මලා දන ගසා වැන්ද පන්සියයකට අධික හාමුදුරුවරුන් ද තවත් සිංහල තරුණ තරුණියන් හැටදහසක් ද මරා දැමූ යුගයයි. අද දවසේ රටට නායකත්වය දිය යුතුව තිබූ දැවැන්ත  තරුණ ජවය විනාශ කර සජිත් ප්‍රේමදාස වැන්නවුන් ඒ සඳහා අද දවසට ඉතිරි කළ ඒ කාලකණ්නි යුගයයි. 

ඒ මිනීමරු ආර්. ප්‍රේමදාස ගේ සද්භාවයේ වියරු පාලනයයි.


----------------
ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.19 ප්‍රවෘත්තිය


මගේ මාවත මානුෂීය ධනවාදයයි: මගේ පියා එල්ටීටීඊයට අවි, මුදල් දුන්නේ එල්ටීටීඊය බෙදීමට සද්භාවයෙන් -සජිත්

ප‍්‍රශ්නය: ඔබේ පියා එල්ටීටීඊයට මුදල් හා අවි දුන්නා කියා චෝදනාවක් තිබුණා. ඔබේ පක්‍ෂයේ අයත් මේ චෝදනාව එල්ල කරවා. මේකට සෘජු පිළිතුරක් දිය යුතුයි.

පිළිතුරු: රටේ සාමය ස්ථාපිත කරන්න මේ රටේ රාජ්‍ය නායකයන් විවිධ උපක‍්‍රම භාවිතා කළා. එය සද්භාවයෙන් කළ දෙයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජේ ආර්, මගේ පියා, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වුණත් මෙවැනි කි‍්‍රයාමාර්ග ගත්තා. මේ ආණ්ඩුව තමයි ඒකෙන් සාර්ථක වුණේ.
-----------

5 comments:

  1. ප්‍රේමදාසව එතනට පත් කලේ කවිද? කිසිම හරයක් නැති අරගලයකට රටෙ තරුණ පරම්පරාව බිලි දුන්නේ කව්ද?

    ඕවට වග කියන්න ඕනි විජේවීර

    ReplyDelete
  2. ප්‍රේමදාස එදා ගත්ත තීරණය හරි. එහෙම නොවුනා නම් අහිංසක රජයේ සේවකයෝ මර මරා බස් ගිනි තියලා, පාරවල් වලට ගස් කපලා රටම ගිණි තියපු කාලේ නතර වෙන්නේ නෑ. මගේ අහිංක දෙමව්පියන්ගේ ආදරය පොඩිකාලේ ඉඳන්ම මට නැති වුනේ ඔය ජේ.වී.පී කාලකන්නි හැත්ත නිසා.

    ReplyDelete
  3. wejaweera athulu ma rata kondak thebba thruna parapura ae thathwayata pathkale unp slfp sakkelethamai.asadarnyata weruddawa kathakarnna dan enna godak unta kondak nathe unata uktheya wanuwan jeewethaya pujakarpu werayo gana pudumath hethanwa.

    ReplyDelete
  4. ප්‍රේමදාසට බලයට එන්න පාර කපපු එක විජේවීර කල වැරැද්දක්. මේක පිරිබාහරන් නැවත කළා මහින්දව ගෙනත්. වපුරපු දේ කපා ගනිමු!

    ReplyDelete
  5. රටේ තරුණ අසහනය වර්ධනය වෙද්දි ඒ වැරැද්ද ආන්ඩුවට එනවා සාමාන්‍යයෙන්. නමුත් විජේවීරලා විසින් ඒක විශේෂිත පක්ෂයකට කොටු කරලා වෙනමම කොටුවක් හදලා දුන්නා මෙන්න අසහනය තියෙන පිරිස කියලා. එදා විජේවීර මොනවාහරි කලාට වඩා මොනවත්ම නොකර නිකං හිටියනං වඩාත් වටිනවා. පස්සෙ රජය විසින් ඒ අය රාජ්‍ය ද්‍රෝහින් විදියට හංවඩු ගහල මරල දානවා.
    ඒක අස්සෙ තිබුන ප්‍රශ්ණය මහා සංහාරයට පස්සෙ නැතිවෙලා ගියා.
    නිදහස් අධ්‍යාපනයනැමැති බොරු අධ්‍යාපන රටාව තුල ළමයින් ඉගෙනගන්නෙ එක්තරා සීමාවක් ඇතුලෙ කොටුවුන අධ්‍යාපනයක් ඒ ක්‍රමය තුල රැවුල වවාගතපු විජේවීරලා ගේ හම්පඩ මාක්ස් තියරි වලට තැනක් ලැබුනා.
    ආන්ඩුවලට දෙස් තියන අය හෝ පක්ෂ වලට දෙස් තියන අය හිතන් නැහැ ඇයි උගත් යැයි සම්මත පිරිසක් ලේසියෙන්ම විජේවීරලාගෙ මනෝ විකාර වලට ඇන්දුනේ කියන කාරණාව..ඒ තමයි ලංකාවෙ අධ්‍යාපනයෙ ්තියෙන සංකෘත වටපිටාව.
    අද දවසේ බොදු බල සේනා, මහමෙව්නා..හරහා තරුණ පිරිසට අමුතු විමුක්තියක් අරං දෙන්න හදන උන්නාන්සලොගේ පස්සෙන් යන බොහේ පිරිස සාමාන්‍ය සමාජයේ සිටින උගත් අය. නමුත් උන්ගේ උගත් කම පොතින් එහාට ගිහින් සමාජයේ මහපාර මත විසදුම් හොයන තැනට ගිහින් නැහැ. එතනදි නිකංම එකම සිලබස් එකක් එකම විෂය පේලියක් අපිට උගන්වන්න බලකරන නිදහස් අධ්‍යාපනය ඒකට වැරදියි කියන එක බොහෝ අය පිලිගන්න කැමති නැහැ.

    ReplyDelete