A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සිංහල ජාතික ගීය සහ වෙනම රටක්



ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය මින් පසු ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක් බව කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා තීරණය කර තිබේ.

ලොව කිසිදු රටක් ජාතික ගීයන් භාෂාවන් දෙකකින් ගායනා කරන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ කර ඇති අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට පක්‍ෂව කතා කරමින් පවසා ඇත්තේ ඉන්දියාවේ භාෂා 300 කට අධික ප‍්‍රමාණයක් තිබුණත් ජාතික ගීය ගයන්නේ හින්දි භාෂාවෙන් බවයි.

කෙසේ වුවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු මෙම අදහසට විරුද්ධ වුවත් ජනාධිපතිවරයාගේ එම යෝජනාවට කැබිනට් මණඩල අනුමැතිය දී තිබේ.

ලංකා ඊ නිව්ස්-2010 දෙසැ. 12
-----------------

හහ් හහ් හා ... දැං එතකොට දෙමළ ජාතිකයින්ට වෙනම රටක් ඕනෑ කියන එක ආණ්ඩුවෙන්ම සහතික කරල තියෙනවා.

කට ඇරියොත් නාගන්න විමල් මහින්ද ගුණදාස ටයි මෙන්න මේ පාඩම:

ඉන්දියාවෙ ජාතික ගීය තියෙන්නෙ හින්දි භාෂාවෙන් නෙමෙයි. ඒක ලිව්‍ව රවීන්ද්‍රනාත් තාගෝර් බෙංගාලි ජාතිකයෙක් හින්දා ඒක බෙංගාලි භාෂාවෙන් තියෙන්නෙ. ඒක ගොඩාක් සංස්කෘත වචන වලින් පිරිච්ච බෙංගාලි ගීතයක්. ඒක හින්දි භාෂාව මහ භාෂාව වෙච්ච ඉන්දියාවට ප්‍රශ්නයක් නැහැ.

කැණඩාව ද ස්විස්ටර්ලන්තය ඇතුළු භාෂා එකකට වැඩි ගණනකින් ජාතික ගීය තියෙන රටවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම වචන වලින් තොරව සංගීතය විතරක් තියෙන ජාතික ගී ඇති රටවල් තිහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. භාෂා වැඩි ගණනක් ඇති රටවලට ඒක හොඳ විකල්පයක්.

මේ වගේ පටු ජාතිවාදය ලෝකයෙන්ම තුරන් වෙලා යන කොට ලංකාවෙ ඒවා විමල් මහින්ද ගුණදාසල තළු මර මර බුදිනවා.

ගස් මැට්ටන්ට කොයිකත් විහිළුවක්. බඩ වටේ බඩු ගොඩ ගැහෙනවනම්. සිංහල ද දෙමළද කියල නැහැ කොයි ජාතියත් උන්ට විහිළුවක්.

1 comment:

  1. දැන් මේකට කැබිනට් එකේ ඉන්න දෙමළ මුස්ලිම් ඇමැතිවරුත් විරුද්ධ වෙලා නෑ එතකොට. කන්න දෙනවනම් බොන්න දෙනවනම් තව වෙන මොනවද න්‍යායම තමයි. දේශපාලකයො කවුරුත් එකයි මේ රටේ.

    ReplyDelete