A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

යුද්ධය සඳහා සාම ත්‍යාගය



සාමය සඳහා වූ සම්මාන දෙන්න ඕනෙ සාමය සඳහා පෙනී සිටින අවිහිංසාවාදීන්ට. එහෙම නැතුව සාමය සඳහා කියාගෙන යුද වදින හමුදා නිලධාරීන්ට නොවෙයි. එහෙම හමුදා නිලධාරියෙකුට හෝ සොල්දාදුවෙකුට සාම ත්‍යාගයක් දෙනවා නම් ඒක දෙන්න  ඕනෙ යුද වැදීම ප්‍රතික්ෂේප කරල ඒකෙ තියෙන කාලකණ්නි ස්වභාවයට එරෙහි වූවන්ට හෝ අත් හැර දැමූවන්ට. ගුසී සාම ත්‍යාගය දැනටත් ක්‍රියාන්විත රාජකාරියේ සිටින මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ වැන්නෙකුට ලැබීම විහිළුවක්. 

අපි හිතමුකෝ යුද්දෙන් රටට සාමය ගෙනාව කියලා (ඉල කකියනවා). ඒත් මේ සම්මානය විහිළුවක් වෙන්නේ යුද්ධයේ අවසන් කාලයේ රටෙත් නොහිටපු මහින්ද හතුරුසිංහ වැන්නෙකුට ලැබීමයි. කියන තරමට දෙමළ ජනතාවගේ ජීවිත නඟා සිටුවල තියෙන හැටි ගැන නම් කතා කරලම පණ නැහැ.


ආසියානු නොබෙල් සම්මානය කියල කියන හින්ද ඒ වැඩේ ඇති වැරැද්දකුත් නැහැ. දැනටත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කරන ඔබාමටත් පහු ගිය අවුරුද්දක නොබෙල් සාම ත්‍යාගය හම්බ උනානෙ.

මට පේන්නේ අනිත් මේ මහින්දත් කාගෙ හරි කණෙන් රිංගලා වගේ පහුගිය කාලෙ පිලිපීනෙ හිටිය ටිකට.

මෙන්න ප්‍රවෘත්තිය (ප්‍රවෘත්තිය පරණ උනාට සම්මානය හම්බ උනේ ඊයෙ පෙරේදා):
 ------
යාපනය ආඥාපතිවරයාට ජගත් සම්මානයක් - දිවයින ඔක්තෝබර් 14

යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය උදෙසා සිදු කළ මෙහෙවර අගයමින් පිලිපීනය ජාත්‍යන්තර සාම ත්‍යාගයක්‌ පිරිනැමීම සඳහා ඔහු තෝරාගෙන ඇත. 

පිලිපීනයේ ගූ+ෂී පදනම මගින් මෙම සාම ත්‍යාගය මේජර් ජෙනරාල් හතුරුසිංහ වෙත පිලිපීනයේ මැනිලා නුවරදී පිරිනැමීමට නියමිතය.යාපනයේ අසරණ දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවාලීම සඳහා කරගෙන යනු ලබන මානුෂික මෙහෙවර සහ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය උදෙසා සිදු කරන සුවිශේෂී මෙහෙවර ඇගයීමට ලක්‌ කර මෙම ජාත්‍යන්තර සාම ත්‍යාගය මේජර් ජෙනරාල් හතුරුසිංහ වෙත පිරිනැමීමට පියවර ගෙන ඇත.
------

2 comments:

  1. නොබෙල් ත්‍යාගය කියන ලෝක ප්‍රසිද්ධ එකත් අඵගෝසුවන්ට දෙන ලෝකෙ එහෙන් මෙහෙන් අටවගත්ත අවස්ථාවාදී සංවිධාන වලට කාට සාම තෑගි දෙන්න බැරිද?
    ‍අනෙක සාමය කියන්නෙ සතුරන් මර්ධනය කරල මිලිටරි බලයෙන් නැවත නැගී සිටීම වලක්වා තැබීම නෙවෙයි. සාමය කියන එක බාහිර පරිසරයේ ඇති කරන්න බෑ. ඒක ඇතිවෙන්න ඕනි මිනිස්සුන්ගේ හදවත්වලයි. කොහොමත් ඒ සාමය වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සුන්ට සම්මාන දෙන්න සංවිධාන නෑ වගේම ඔවුන් කවදාවත් සම්මාන අපේක්ෂා කරන්නෙත් නෑ. දුන්නට ගන්න එකකුත් නෑ.

    ReplyDelete
  2. මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද අප්පේ

    ReplyDelete