A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජවිපෙ හිරිකිතවාදය


සුනිලගෙ ඔලුවට පොල්ලකින් ගහල. පොලු පාර කාගෙනම දෙමළ ජාතික අම්මලාගෙ අනුකම්පාවත් කොල්ලකනවා. ‍පොලුපාර දුන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන් කියලා ජවිපෙ මාධ්‍ය සාකච්චාවකුත් තිබ්බා.


ෂුකාර්ට මතකයි ඔය සුනිලගෙ ඇ‍‍ඬෙන මූන ඔය ගානටම වගේ ඇඬිල තිබුනා ජෙනරාල් හිරේ ගිය දවස් වල අනෝම නෝනෙ ගාව. දකුණෙ ජෙනරාල්ව නිදහස් කරගන්න අනෝමත් එක්ක අඩ අඬා මහන්සි වෙනගමං උතුරට ගිහින් ජෙනරාල් විසින් වග කිව යුතු අතුරුදහන් වෙච්ච දෙමළ තරුණ තරුණියන්ගේ අම්මල ගාව අඬනවා. කිසිම හිරිකිතයක් නැතුව ඒ ගෑනුන්ගෙ වැලපීම්, දුක,සන්තාපය කොල්ලකනවා. ඒ දරුවන්ගෙ අතරුදහන් වීම් වලට උන් (ජවිපෙ) සීමාරහිතව දායකත්වය ලබා දීල, කෙළවර අමා මහ නිවන් ආනිසංශය ලබාගන්න පාරවල් ගානෙ කිරිබතුත් කෑව. ඒ බව දන්නෙ නැති තරමට ඒ දෙමළ මිනිස්සු වෙන රටක ද කොහෙද ජීවත් වෙන්නෙ.  නැතිනම් ඔය පොලු පාර එන්නෙ ඔය ගෑනුන්ගෙන්.

ඉස්සර තමයි කිව්වෙ ජවිපෙ අවස්ථාවදය ගැන. මේක හිරිකිතවාදය.


5 comments:

  1. මම හිතන්නේ මේ හදුනාගේ පොටෝ සෙට් එකට එකතු වෙන්න ඕනේ තව පොටෝ එකකුත් තියෙනවා. ඒ අයවැය විවාදයේ මහරජා හම්බවෙලා නියාලු හිනාවකුත් දාගෙන ඌට අතට අත දීගෙන ඉන්න එක.

    ReplyDelete
  2. to anonymous

    මට මේක කියවද්දී ඒ පොටෝ එක මතක් වුනා.

    :D

    ReplyDelete
  3. please accept my congratulation

    ReplyDelete
  4. වැරදි තැන්වලින් එළියට ආපු උන් මේ වගේ ඒවා ලියනවා.

    ReplyDelete
  5. you are only seeing handunneththi, but what about others in the pics ? who's making them cry ?

    ReplyDelete