A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankaepuwath - January 25, 2010


විමල් වීරවංශ චිත්‍රපටියක් හදන්න සල්ලි ඉල්ල ගත්තා - ටිරාන් අලස්



විමල් වීරවංශ මහතා චිත්‍රපටයක් හැදීමට යැයි පවසමින් තමන්ගෙන් රුපියල් මිලියන 2ක් ණයට ඉල්ලා ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ ජාතික සංවිධායක ටිරාන් අලස් මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව බෝම්බ ගසා විනාශ කර ඇති සිය නිවස ඉදිරිපිට සිට පැවැත්වීම විශේෂත්වයකි.
එහිදී මාධ්‍යවේදියෙකු පැවසුවේ, ටිරාන් අලස් මහතා නොහදුනන බවට විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් කර ඇති බව ය.
විමල් වීරවංශ මහතා තමන් නොහදුනන බව කියන්නේ නම් ඔහු මැරී ඉපදෙන්න‍ට ඇතැයි ඊට පිළිතුරු දෙමින් ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.
වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී පක්ෂයට නොකියන ලෙස ඉල්ලා සිටිමින් චිත්‍රපටයක් හැදීමට කියා රුපියල් මිලියන 5ක් ණයට ඉල්ලූ බව ඔහු පැවසීය.
එමනිසා රුපියල් මිලියන් 5ක් වෙනුවට රුපියල් මිලියන 2ක් දුන් බව ද අලස් මහතා අනාවරණය කළේය
-------------------------

වීරවංශගේ චිත්තරපටි කලාව 
ප‍්‍රසාංගික චිත‍්‍රපට 
අවි ගෙනා බෑනා
ගිහිං වරෙං මිහිමල්
සුදු කොඩි හා වෙඩි
අල්ලස් මුසම්මිල්

නොදුටු තැන් වාර්තාංග 
සීගිරිය
සරසවිය

ටෙලි නාට්‍ය 
ම. චින්තනය 1
ම. චින්තනය 2
ම. දර්ශනය (පිටපත ජැක් ඇන්තනි)


No comments:

Post a Comment