A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankaenews - January 09, 2010

මම එක් අපේක්‍ෂකයකුට එරෙහිව තවත් අපේක්‍ෂකයකුට සහාය පළ නොකරමි -අගරදගුරුතුමා
(ලංකා ඊ නිව්ස් -2010.ජන.09, ප.ව.3.30) ජනාධිපතිවරණයේ කිසිදු විශේෂිත අපේක්‍ෂකයකුට සහය දැක්වීමේ කුමනාකාර අරමුණක් හෝ තමා සතු නොවන බව ප‍්‍රකාශ කරන මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු තුමා ජනතාවගේ මනා විනිශ්චය පිළිබඳව තමා විශ්වාස කරන බව ප‍්‍රකාශ කරති.  
එක් අපේක්‍ෂකයකුට එරෙහිව තවත් අපේක්‍ෂකයකුට තමා සහය පළකරන බව හුවා දැක්වීම පිණිස තමාගේ ඇතැම් ප‍්‍රකාශ සමහර ජනමාධ්‍ය විසින් වැරැුදි ලෙස උපුටා දැක්වීම ගැන උන්වහන්සේ කණගාටුව පළකර සිටිති. කොළඹ අගරදගුරු තුමා ඉහත සඳහන කරන්නේ උන්වහන්සේගේ අත්සනින් කතෝලික බැතිමතුන් හා සියලූ ශ‍්‍රී ලාංකික පුරවැසියන් වෙත නිවේදනයක් නිකුත් කරමිනි.  
කතෝලික සභාව පක්‍ෂ දේශපාලනයේ නොයෙදෙන බවත් තම තමන්ගේ හෘද සාක්‍ෂියට අනුකූලව ඡුන්දය පාවිච්චි කිරීම කතෝලික සැදැහැවතුන් සතු අයිතිවාසිකමක් බව උන්වහන්සේ සඳහන් කරති.
______________


ඉගෙන ගන්නවනම් ඔන්න අපෙ හාමුදුරුවනේ පාඩම්

No comments:

Post a Comment