මේ දිනවල කාගේත් කතාබහට ලක්ව ඇති කරුණක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් තාරුණ්‍යට හෙටත් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවූ බව අද පිළිගත්තේය. ඔහු එසේ පිළීගත්තේ අද (16) උඩුගම්පොළ පැවැති මැතිවරණ රැලියකට සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ තාරුණ්‍යට හෙටත් සභාපති නාමල් රාජපක්ෂ මහතා "පිංතූරයක් ඉදිරිපත් කරල මට ත්රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තියනව කියල. මේ එංගලන්තේදී ගත්ත පිංතූරයක්. කවුද ගත්තෙ පින්තූරෙ. මගේ ලේකම්තුමා. ඒකෙ ඉන්නෙ මමයි, රුක්ෂාන් කියල තව යාළුවෙකුයි, තව දෙමළ යාළුවෙක් හිටිය.
තව පිටිපස්සේ ඉන්නව දෙමළ ළමයෙක්. මම එහෙම කවුද කියල අඳුනන්නේ නැහැ. එයා ඇවිත් කිව්වා නාමල් පිංතූරයක් ගමුද කියල. ඉතින් සහෝදරවරුනි මට පිංතූරයක් ගන්න කියල කවුරු හරි ආරාධනා කළොත් ඒ මනුස්සයගෙ වාසගම අහල, ඒ මනුස්සයගෙ අම්ම-තාත්ත කවුද කියල අහල, ජාතිය, කුලය-මලය සියලුදේ අහල, පිංතූරෙ ගන්න පුළුවන්ද මට.
මට එහෙම වැඩකුත් නැහැ. මේ මාතෘභූමිය තුළ ජීවත් වන සියලු දෙනාම මට එකයි. මට ජාතිය, ආගම, කියල භේදයක් නැහැ. මොකද මම 21 වන සියවසේ ජීවත්වන තරුණයෙක්. ඒ නිසා මම කියනව එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, මට ඇඟිල්ල දික්කරන්න කලින් ඔය පිංතූරෙ දීපු මනුස්සයට ඇඟිල්ල දික්කරල අහගන්න මොකටද නාමල්ව මෙතෙන්ට එක්කන් ගියෙ කියල" යනුවෙන් පැවසීය.
-----------------
ෆොටෝ එක අරං තියෙන්නෙ නාමල් රාජපක්ෂ ගෙ ලේකම්තුමාලූ. ෆොටෝ එක අරං තියෙන්නෙ එමිල් කාන්තන් ගෙ අවශ්යතාවයටලූ. එතකොට නාමල් ගෙ ලේකම් එමිල් කාන්තන් ගෙත් ලේකම් ද? මේ විසි එක්වෙනි සියවසේ තරුණයා හිතන්නෙ ඔක්කොම ශ්‍රී ලාංකිකයො මැදමුලන කට්ටිය කියලා.

No comments:
Post a Comment