A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - January 24, 2010

ත්‍රස්‌ත අඳුර බිඳ ජන ජීවිත
අලුත් කළේ මමයි



නන් විසිතුරු රුක්‌ පෙළකින් ද හරිත වන් ලිය ගොමු වලින්ද සුසැදි ඒ ප්‍රතාපවත් මන්දිර භූමිය හිරු කිරණින් නැහැවෙමින් තිබිණි. දළදා මැඳුරේ උදෑසන තේවාව වෙනුවෙන් වැසුණු හේවිසි හා සක්‌ නද තවමත් දෙසවන්හි ගිගුම් දෙන්නාක්‌ බඳු විය. නුවර වැවෙන් සීතල පෙරා ගත් මඳනල දළදා සමිඳු වැඳ පවනක්‌ සේ ඇදී යන අයුරු ගතට මෙන්ම සිතටද ආශ්වාදයක්‌ විය.

අපි සෙමෙන් ඒ ප්‍රතාපවත් මන්දිරය දෙසට ඇදෙන්නට වීමු. ඒ වූ කලී 19 වන සියවස අගභාගයේදී පමණ ඉංග්‍රීසින් විසින් ඉදිකරන ලද රමණීය මන්දිරයකි. මෙරට ඉංග්‍රීසීන්ට යටත්ව තිබුණු යුගයෙහි ඉංග්‍රීසි පාලක ප්‍රභූන්ට සෙවන දුන් එම ගෘහය දැන් රාජ්‍ය නායක නිල මැඳුරක්‌ බවට පත්ව තිබේ.

ඉතාලි ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලක්‌ ලෙස හැඳින්විය හැකි වුවද මෙහි දේශීය ගෘහ නිර්මාණ ශිල්පයෙහි ඇතැම් ලකුණුද ගැබ්ව ඇතැයි මට හැඟුණි. එහෙත් වාස්‌තු විද්‍යාව පිළිබඳ අනවබෝධයෙන් එබඳු නිගමනයකට එළඹිය නොහැකි බවද මම දනිමි. ඒ කුමක්‌ වුවද මහනුවර පිළිබඳ මගේ මතක සටහන් බොහෝ වේ.

මගේ කුමර දිවියෙහි සිව් වසරක්‌ම ගෙවී ගියේ පේරාදෙණි සරසවි මව් තුරුලෙහිය. එකල්හි අප නිබඳව රැඳුනු එක්‌ තැනක්‌ වී නම් ඒ මේ මහනුවරය. සැඳෑ හිරු විසින් මවන ලද යෝධ සෙවනැලි නොපෙනී යන තුරුම අපි නුවර වැව් තීරයේ ඇවිද ගිය අයුරු මට සිහි විය. එදා දෑත් බැඳ ඇදී ගිය පෙම්වත්හු අද කොහි සිටිත්ද? ජීවිත සැඳෑවේ ඇවිද යන ඔවුන්ගේ මුහුණද මට නිවැරදිව ඇඳ ගත නොහැක.

මගේ කල්පනා ලෝකය බිඳී ගියේ අප ඉදිරිපිටින්ම ඇසුණු ප්‍රතාපවත් සුහද කට හඬක්‌ නිසාය.

සුබ උදෑසනක්‌ වගේම සුබ අනාගතයක්‌.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෘදයාංගම සිනහවකින් යුතුව අපට ආචාර කළේය. ලා නිල් පැහැති චාම් කමිසයක්‌ හා අලංකාර බතික්‌ සරමකින්ද යුතුව සිටි ජනාධිපතිවරයාගේ සරල සැහැල්ලු විලාසය අප කාගේත් නෙත් සිත් පැහැරගත් බව නිසැකය. අප යෑයි කීවේ මා පමණක්‌ නොව තවත් පුවත්පත් කතුවරුන් කීප දෙනෙක්‌ම එහි වූ හෙයිනි.

ලක්‍ෂ ගණන් ජන දුක්‌ නිව් වෙදාණෝය
යක්‍ෂ බලය සිඳලූ සිංහයාණෝය
පක්‍ෂ භේද නොතැකූ සුමිතුරාණෝය
ත්‍රස්‌ත අඳුර දුරලු හිරු රජාණෝය


ගාමිණි සුමනසේකර
-------------------
බලන් මෙ වැනුම් කව් ගී සරින්, සොඳුරු ම පදින් අකුරු යොදවන’යුරු වෙසඟනකගෙ කාරියෙහි සුගාරයන්..

No comments:

Post a Comment