සංස්කෘතිය ඇති කළ ප්‍රේමදාසට මේ ආණ්ඩුව අපහාස කරනවා
ටිල්වින් සිල්වා
මේ ආණ්ඩුව කරන්නේ කොළඹ හතේ ඇති හැකි පුද්ගලයන්ට සැලකීම පමණයි. නමුත් අහිංසක හේන් ගොවියා රජයේ ඉඩමක වගා කරද්දී ඔහුව අත්අඩංගුවට ගන්නවා. අද මේ ප්‍රදේශවල ගොවියාට තැනක් නැහැ. මේ ආණ්ඩුව අඳ ගොවි අයිතිය නැති කළා. මෙයින් අඳ ගොවි පවුල් අසරණ කර තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඳ ගොවි පවුල් 18,000 ක් ඉන්නවා. ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් රට පුරා ඉන්නවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ හිසේ ජනාධිපති ඔටුන්න පළඳවන විට අඳ ගොවියාගේ හිසේත් අඳ ගොවි අයිතිය සහිත ඔටුන්න පළඳවනවා. රටේ නායකයන්ට ගෙවල් හදන්න ඉගැන්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මේ ආණ්ඩුව ඒකට අපහාස කරනවා. රටේ දුගී දුප්පත්කම නැති කිරීමට කටයුතු කළේත් රණසිංහ ප්‍රේමදාස මහතායි. ජනසවියට වඩා හොඳයි කියා ගෙනා සමෘද්ධිය ජනතාවට ලැබෙන්නේ නැහැ. දුප්පත්කම නැති කරනවා වෙනුවට මේ ක්‍රමයෙන් වෙන්නේ දේශපාලනඥයන්ගේ ගැත්තන් කිරීම පමණයි. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාලනය තුළ සමෘද්ධිය වැඩිකරනවා.
-------------------
හප්පේ පුදුම හිතේ අමාරුවක්නෙ තියෙන්නෙ... තුවක්කුවක් අරං වාද්දුව රේල් පාර දිගේ දුවද්දි අත් අඩංගුවට ගත්ත ටිල්වින් ව ඉතුරු කරල පේ‍්‍රමදාස උන්නැහේ පක්ෂයම සමූලඝාතනය නොකරන්න පක්ෂ ලේකම් කමක් කොහෙන් ද? මෙච්චර සැපක් කොහෙන්ද?

No comments:
Post a Comment