A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - December 03, 2009 and January 18, 2009



පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කෙරෙන
කොටි වත්කම් ගැන ප්‍රචාර

බුද්ධි අංශ වැඩට බාධාවක්‌
ජාතික ආරක්‍ෂක බුද්ධි අංශ ප්‍රධානි
චමින්ද සිල්වා

පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා කොටි සංවිධානයේ වත්කම්, ගිණුම්, නැව් පිළිබඳව ප්‍රචාරය කිරීමෙන් බුද්ධි අංශ ඉදිරි ක්‍රියාමාර්ගවලට බාධා ඇතිවන බවත් එවැනි දේ ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි ජාතික ආරක්‍ෂක බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා ඊයේ (17 වැනිදා) සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක්‌ කළේය.

මේජර් ජෙනරාල්වරයා මෙම ඉල්ලීම කළේ ඊයේ (17 වැනිදා) කොල්ලුපිටිය ආරක්‍ෂක මාධ්‍ය මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට ප්‍රථම වතාවට සහභාගි වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි අංශ කේ. පී. ගේ වත්කම් පිළිබඳව විවිධ පුද්ගලයන් අදහස්‌ දැක්‌වීම නිසා එම පරීක්‍ෂණවලට බාධා එල්ලවනවා මෙන්ම පරීක්‍ෂණ කරන නිලධාරීන්ද අපහසුතාවට පත්ව ඇති බවය.

විපක්‍ෂය කියන අයුරින් කොටි සංවිධානය සතු නැව් හෝ මුදල් ලබා ගැනීම පහසු කාර්යයක්‌ නොවන බව පැවසූ ඒ මහතා කොටි සංවිධානයේ වත්කම් ලබා ගැනීමට යැමේදී මෙරට සිදුකරන ප්‍රචාරයන් ඒවාට දැඩි බලපෑම් ඇති කළ හැකි බවද පෙන්වා දුන්නේය.


දෙසැම්බර් 03, 2009
නැව් 14 ක්‌ බැංකු ගිණුම් 600 ක්‌ ඇතුළු
එල්ටීටීඊ සියලූ වත්කම් රාජසන්තක කිරීමට පියවර
නීතිපති සමග සාකච්ඡා කරනවා -ඇමැති කෙහෙළිය
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
එල්ටීටීඊය සතු නෞකා 14 ක්‌ සහ බැංකු ගිණුම් 600 ක්‌ ඇතුළු සියලුම වත්කම් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ආරක්‍ෂාව පිළිබඳ රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය. ඒ පිළිබඳව මේ දිනවල නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට ක්‍රියා කරගෙන යන බවද හෙතෙම පැවැසීය.

එල්ටීටීඊය සතු නෞකා 14 න් 05 ක්‌ කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන්ගේ නමින් තිබෙන අතර ඉන් නෞකා 03 ක්‌ මේ වන විට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතුව ශ්‍රී ලංකාව කරා රැගෙන එමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.

---------------------
මේවා හෙළිදරව්කළේ ආණ්ඩුවෙ ඇමතිවරයෙක් ම කියන එක මතක නැති බුද්ධි ලොක්කෙ ක් කඬේ යවනවා ඇරෙන්න වෙන දේකට වැඩක් නැහැ

No comments:

Post a Comment