දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය නොහැකියි
එසේ වුවොත් ඔවුන් හමුදා සේවයෙන් ඉවත් කරනවා
යුද හමුදාපති කියයි
සිරිමෙවන් කස්තුරිආරච්චි
හමුදා නිළ ඇඳුම් අඳින කිසිදු නිලධාරියකුට හෝ සෙබළකුට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට අයිතියක් නැති බවත් එසේ සම්බන්ධ වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන යුද හමුදා සේවයෙන් ඉවත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.
යුද ජයග්‍රහණයට ධෛර්යයක් හා ශක්තියක් දෙමින්
ජනපති හා ආරක්ෂක ලේකම් යුදබිම සිටි සෙබළුන්ගේ
අවශ්‍යතා සොයා බැලූ අයුරු මා පෞද්ගලිකව දන්නවා
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය
සිරිමෙවන් කස්තුරිආරච්චි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාර්ථක මෙහෙයවීමත්, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා යුද හමුදාවට ධෛර්යයක්, ශක්තියක් වූ අන්දම වන්නි ආඥපති වශයෙන් සිටියදී තමා පෞද්ගලිකවම අවබෝධ කරගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.
--------------------
t;fldg fï ukqiaihd fï lrkafk rdcmlaI,g frÈ wmq,a,k tlo@




