A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - December 10, 2009

එස්‌.බී. යළි ශ්‍රීලනිපයට ගියේ
ඉදිරි නායකත්වය බාර ගැනීමට
අනුර කුමාර දිසානායක
අකිත පෙරේරා
එස්‌. බී. දිසානායක මහතා නැවතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගොස්‌ තිබෙන්නේ ඉදිරියේදී එම පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම සඳහා යෑයි ද ඒ බව දිසානායක මහතාගේ සමීපතමයන්ගෙන් තමන් වෙත ආරංචි ලැබී ඇතැයි ද ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (9 වැනිදා) පැවැසීය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට අත්වන නියත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දරුණු කඩාවැටීමක්‌ සිදුවන අතර ඉන්පසුව පක්‍ෂය තුළ රාජපක්‍ෂවරුන්ට ඉඩක්‌ නොලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නැවත නගා සිටුවීම සඳහා එහි නායකත්වය භාර ගැනීමේ අපේක්‍ෂාව එස්‌.බී. දිසානායක මහතාට ඇතැයිද අනුර කුමාර මහතා කියා සිටියේය.

එස්‌. බී. යනු කට වරද්දාගෙන සිරගත වූ එකම පුද්ගලයා බවද එබැවින් ඔහුගේ ප්‍රකාශවල කිසිදු වලංගුතාවක්‌ නැති බවද පක්‍ෂයකින් යන අයටත් නැවත එන අයටත් ලැඡ්ජා නැති බවද ඒ මහතා සඳහන් කළේය

-------------------

oex  fÊùmS tl hQtkamS tfla uv fydaok jefv;a ndr wrx jf.a


No comments:

Post a Comment