A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Dinamina - December 23, 2009


කතා දෙකක් නෑ වීරයා මහින්ද

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී

මම ආඩම්බර වෙනවා මිස හිතේ ඊර්ෂ්‍යාවක් නෑ, මේ ඓතිහාසික ජාත්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ. ඒ ගැන සඳහන් කරන්න පුළුවන්. ජාත්‍යන්තරය දෙස බැලිය හැකි අපේ දේශීයත්වය අගයමින් කතා කළ හැකි නායකත්වය දෙස ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් බලනවා නම් ඔහු ලෙඩෙක් වෙනවා. අද අපේ සුන්දර රටට ජාත්‍යන්තර අනුහස් සහිත නායකයෙක් පහළ වීගෙන එනවා. ඒ නායකත්වය පත් කරන්නේ මේ රටේ ජනතාවයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ලෙස පැවැති පංච මහා බලවේගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ෂඩ් මහා බලවේගය බවට පත් කළා.

අද ඒ සංචිතයට මේ රටේ රණවිරුවෝ ද අයත් වෙනවා. 1956 දී රණවිරු සංකල්පයන් හමු වූයේ නෑ. නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය කළා. මම බලාපොරොත්තු වෙනවා මහින්ද දර්ශනය නැමැති දේශීය දර්ශනය ඉදිරිපත් කරන්න. මේ සඳහා සාදු කියයි. පෙරහර යයි. ඒ හැරෙන්නට වෙනත් දෙයක් නො වේ. අපේ සම්ප්‍රදාය හොඳින් ඉගෙන ගන්නවා නම් මේ අනුහස් නායකයාට සාදු කියනවා. මේ සඳහා කුහක සිතින් ඊර්ෂ්‍යා කිරීම මවුබිමට ගැලපෙන්නේ නෑ.
--------------------------------

මහින්ද දර්ශණය ලියා අවසන් වන මොහොත වන විට මහ රජු දේවත්වයට පත් වේ. කතෝලික ජැක් ඇන්ටා මැදමුලන දේවාලයේ කපුවා වෙන විට ඇන්ටාගේ නිල හා නිල නොවන දේවතාවියන් ගේ සාදුකාරයෙන් හම්බන්තොටම දෙදරනු ඇත. ඉතිහාසය පච කරවමින් තවත් අබාවක් කරවා ශරීර සැප විඳින්නට රජුගෙන් ගතමනාවක් නොලැබුනහොත් දේවාලයේ සිටම නාමල් කුමාරයා රජකරවීමේ නාමල් දර්ශනය ලියනු ඇත (විමලයා නාමල් චින්තනය ලියා අවසන් කළ පසු)

No comments:

Post a Comment