A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Silumina - October 25, 2009 & Lankatruth - September 25, 2009


Silumina Editorial

ගෞරවාන්විත භාරකරුවා රජකු සේ ඉතිහාස ගතවෙයි


ජනාධිපතිතුමාට මිනිස්සු රජතුමා යැයි කියති. එසේ සඳහන් තොරණ, බැනර, පෝස්ටර් රට පුරා ප්‍රදර්ශනය වෙයි. එහෙත් තමා රජකු නොව ජනතාවගේ ආදරණීය භාරකරුවා පමණකැයි ජනාධිපතිතුමා කියා සිටී.
සේ නම් ජනතාව “රජතුමා” යැයි කියන්නේ ඇයි?
සාමාන්‍ය මිනිසුන්ගේ හැටි එහෙමය. තමන්ට වඩාත් ආදරය දක්වන්නන්හට ඔවුහු “රත්තරන්” කියා කියති’ “රත්තරන් අම්මා” “රත්තරන් දුව“ “රත්තරන් පුතා” යනාදී යෙදුම් වහරට එක්ව තිබෙන්නේ ඒ අනුවය.

අපේ දේශයේ සැබෑ අයිතිකරුවන් වන්නේ බාල පරම්පරාවය. මේ දේශය ඔවුන්ගේය. අපි එය ඔවුන්ගෙන් ණයට ඉල්ලාගෙන ඇත්තෙමු. අප කළ යුත්තේ ඒ දේශය ඉල්ලාගත් තත්ත්වයෙන් හෝ වඩාත් සංවර්ධනය කොට මතු යම් දවසෙක ඔවුන්ට භාරදීමය. එය එසේ කළ හැක්කේ දේශයට මෙන්ම දේශයේ මිනිසුන්ට ආදරය කරන්නකුට පමණි. මෙසේ භාරකරුවා දේශයට ආදරය කරන්නකු නම් ඔහු ආදරණීය භාරකරුවකු වේ.

Lankatruth

"මම කැලණියේ අයිතිකාරයා" මර්වින් කියයි
කැලණියට ප්‍රවේශවන කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය හරහා ඉදි කර ඇති පුවරුවක මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ තමන් කැලණිය ප්‍ර‍දේශයේ භාරකරු නොව අයිතිකරු බවයි. මෙම පුවරුවේ දක්වා ඇති පරිදි "ආචාර්ය මර්වින් සිල්වාගේ සංකල්පයක් - ඔබ, මම කැලණියේ බාරකරුවන් නොව - අයිතිකරුවන්ය" යනුවෙන් සඳහන් කර ඇත. මෙහි ඇති විශේෂය වන්නේ මෙසේ බාරකරුවන් නොව අයිතිකරුවන් යනුවෙන් කර ඇති සඳහනේ පසෙකින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ, බැසිල් රාජපක්ෂ මහතාගේ හා මර්වින් සිල්වා මහතාගේ ඡායාරූපයි.
-------------------
yß yß oekqhs f;arefka'''''u¾úhd ;du fmdä tld

No comments:

Post a Comment