A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lanka Truth - August 12, 2009

නැවත ජනාධිපතිවරණ පවත්වන්න ඔබට අයිතියක් නැහැ - ජවිපෙ ජනපතිට ලියයි
ඔබට 2005 ජනාධිපතිවරණයේ දී ජනවරම ලැබුනේ ද ඒ සඳහාය. විශේෂයෙන්ම 2005 දී පැවැත්වුණු ජනාධිපතිවරණය සඳහා ඔබතුමා ඉදිරිපත් කළ ”මහින්ද චින්තන” වැඩපිළිවෙලේ 84වන පිටුවේ ”ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ” යන ෙඡ්දය තුළ ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන බවට පොරොන්දු වී ඇත. එබැවින් ඔබතුමාට තවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට කිසිදු අයිතියක් නැත. ඔබතුමාගේ කාර්යය විය යුත්තේ ජනවරමට අනුව හා ජනතා විමුක්ති පෙරමුණ සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව වත්මන් ජනාධිපතිධූර කාලය නිමවීමට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල බාධාවක් ලෙස ඔබ ද පිළිගත්එක්සත් ජාතික පක්‍ෂය විසින් රටට හඳුන්වා දුන්මෙම විධායක ජනාධිපති ධූරය ආරම්භ වූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහි වූ බවත් එය අහෝසි කිරීමේ ප‍්‍රතිපත්තියක සිට ගෙවුණු මුළු කාලය පුරාම කටයුතු කළ බවත් අවධාරණය කළ යුතුව ඇත. 1982 ජනාධිපතිවරණයේ දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක් පිළිබඳ සටන් පාඨය ඉදිරිපත් කළ අපි යළි 1994 දී විධායක ක‍්‍රමය අහෝසි කරන පොරොන්දුවක් එවකට ජනාධිපති අපේක්‍ෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ලබාගෙන අපේ අපේක්‍ෂකයා ඉවත්කර ගැනීමට කටයුතු කළෙමු. එහෙත් ඇය ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උනන්දු වූයේ නැත. අප 2005 ජනාධිපතිවරණයේ දී ඔබ සමග ඇතිකරගත් එක`ගතාවයේ දීද විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධාන කරුණක් ලෙස සැලකූයේ එය අත්‍යවශ්‍යය කරුණක් නිසාය.
--------------------------------
yß yß w~kak tmd whsfh''''' B,Õ mdr;a g%hs lr, n,kakfld ld;a tlal yß Th fldkafoaishu od,d'''

No comments:

Post a Comment