A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Silumina - May 24, 2009

ජීවිතය සුන්දරයි - iqks,a udOj fma%u;s,l

මරණයේ භූමියේ සිට ඔවුන් පැමිණියේ ජීවිතය ඉල්ලාගෙන ය. වෛරයේ වෙඩිහඬ මැදින් ඔවුන් පැමිණියේ පේ‍්‍රමය සහ දයාව ඉල්ලා ගෙන ය. ඔවුන්ට ජීවත් වන්නට ප‍්‍රාණ වායුව ලැබිණි. හමුදා සෙබළුන් සහ සෙබළියන් ගෙන් පේ‍්‍රමය සහ දයාව ඔවුන්ට ලැබිණි.
මින් පෙර මා මෙවැනි දසුනක් දැක තිබුනේ චිත‍්‍රපටවල පමණය. පසුගිය දින කීපය තිස්සේ ම මා දුටුවේ සත්‍ය සිදුවීම් ය. යුද මුක්ත කලාපයේ සිට පැමිණි මේ මහා සෙනඟ හිනාවෙමින් ද හඬමින් ද කතා කළ අතර කඳුලත් සිනාවත් දෙකම කඳුලක් බව මට සිතිණි.
ඔවුන් පිළිගත් හමුදා සෙබළුන්ගේ සිනාව කාරුණික බව දුටු මට බොහෝ කලක සිට මගේ හදවතේ පැලපදියම්ව තිබු මතයක් ඉවත් කරන්නට සිදුවිය. 89 - 90 භීෂණ සමයේදී හමුදාවේ හැසිරීම ගැන මම හිටියේ මහත් කළකිරීමකිනි. එහෙත් පසුගිය දින කීපය තුළදී හමුදාව කෙරෙහි මගේ සිතේ ඇතිවුණේ ආදරයක් සහ ගරුත්වයක් ය. ඒ බව මගේ මිත‍්‍රයින්ට කී විට ඔවුන් පුදුම වුණා.
පුදුම වෙන්න දෙයක් නැහැ බං. එදා තිබුණේ පේ‍්‍රමදාස චින්තනය. අද තියෙන්නේ මහින්ද චින්තනය.
අවුරුදු 25 කටත් අධික කාලයක් තිස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හඳුනන මම ඔහුගේ මනුස්සකම දුටුවේ බොහෝ කලකට පෙරයි. ඔහු රටටත් ජනතාවටත් ආදරය කරන මිනිසකු බව මම ඒ කාලයේදීම දැනගත්තා. ගුවන් යානයෙන් බැස මවුබිමට නමස්කාර කළ මොහොතේදී ඔහු පාර්ලිමේන්තුවේ කතා කරද්දීත් මගේ දෑසට කඳුළු ඉනුවේ ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා එඩිතර සහ නොනැමෙන කොන්දක් ඇති නායකයකු බව පෙන්වා දුන්නා. ලෝකයේ මහා බලවතුන් ඉදිරියේ නොනැමී හිටියා. මේක තමුසෙලාගේ වැඩක් නෙවෙයි. මේක අපේ වැඩක් යනුවෙන් ඔහු කෙලින්ම කියා සිටියා. සැබැවින් ම මෙය මානුෂීය මෙහෙයුමක් තමයි. මරණය පෙනි පෙනී සිටි ලක්ෂ ගණන් ජනතාව මෙසේ නිදහස් කරගත් අවස්ථාවක් ගැන මා දන්නා ඉතිහාසයේ මීට පෙර සඳහන්ව තිබුණේ නැහැ.
යුද බිමේ දර්ශන ජයග‍්‍රහණයෙන් පසු අපේ සෙබළුන් ජාතික කොඩි ඔසවාගෙන ජය ගොස නැගූ අයුරු මම බලා සිටියේ චිත‍්‍රපටයක් බලනවා වගේ. රජයේ චිත‍්‍රපට අංශය හෝ හමුදාවේ මාධ්‍ය ඒකකය මගින් හෝ මේ යුද්ධය පිළිබඳ චිත‍්‍රපටයක් නිපදවිය යුතුයි.
එසේත් නැත්නම් අපේ දක්ෂ සිනමාකරුවන් ඒ ජාතික වගකීම ඉටුකළ යුතුයි. සංස්කෘතියක් තියෙන දිගු ශිෂ්ටාචාරයක් තියෙන අපි යුද වදින්නේ මෙහෙමයි කියන එක ලෝකයම දැනගත යුතුයි.
යුද මුක්ත කලාපයේ සිට පැන ආ මහ සෙනඟ පිළිගනිද්දී හමුදා සෙබළුන්ගේ මුහුණෙන් පිළබිඹු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මනුස්සකම කියලාත් මට හිතෙනවා. නායකයා හොඳ මිනිසෙක් නම් හමුදා භටයින් පමණක් නොව මුළු මහත් ජනතාව ම හොඳ මිනිසුන් වන බව මගේ විශ්වාසයයි.
යුද්ධය අවසන් වීමත් සමඟ තවත් එක් දෙයක් පැහැදිලි වුණා. ඒ සිංහලයාගේ අභිමානයයි. සිංහලයාගේ හොඳ හිතයි. අපේ මිනිස්සු අසරණව සිටින දෙමළ ජනතාව තමන්ගේම සහෝදරයන් බව හිතුවා. හැම මිනිහෙකුගේ කඳුලත් රුධිරයත් එකම බව ඔවුන් තේරුම් ගත්තා.
ඇත්තෙන්ම මෙය ලියන මේ මොහොතේත් මම මගේ දේශය ගැනත් ජාතිය ගැනත් ආඩම්බර වෙනවා.
යුද්ධයේ දී මිය ගිය අපේ සෙබළුන් ගැන ඔවුන්ගේ අම්මලා තාත්තලා මෙන් ම සහෝදර සහෝදරියන් මෙන් ම මාත් ආඩම්බර වෙනවා. ඔවුන්ට හිස නමනවා. මවුබිම වෙනුවෙන් ජීවිතය පුදන අය කිසි දිනෙක මිය යන්නේ නැත.
ගරිල්ලා යුද්ධයක් හිතන තරම් ඉක්මනින් අවසන් කරන්නට බැරි බව මා හැමදාම කී දෙයක්. ලෝකයේ බොහෝ රටවල අවුරුදු 50 - 60 පැරණි ගරිල්ලා සටන් පවතිනවා. මෙතරම් ඉක්මනින් මෙවැනි සටනක් පරාජය කළ එකම රට ලංකාවයි. ත‍්‍රස්තවාදය සහ සැබෑ විප්ලවය කුමක්දැයි ජනතාව තේරුම් ගනී කියල මම හිතනවා.
යුද්ධයේ ජයග‍්‍රහණයත් සමඟම මටත් බොහෝ අය කතා කළා. සුනිල් අයියේ, යුද්ධය ගැන මොකද කියන්නේ? මම ඒ සියලු දෙනාටම දුන්නේ එකම පිළිතුරයි. යුද්ධය දිනුම් තමයි. මහින්ද ආවේ රටේ පිනට කියලා මිනිස්සු කියන කතාව මාත් පිළිගන්නවා. වෙනින් අය බලයේ හිටියානම් ප‍්‍රභාකරන් රටම අල්ලනවා. උන් ළඟ තිබුණ ආයුධ දැක්කාම ඒක පැහැදිලි වෙනවා.
සුනිල් අයියත් සුදුහුණු ගානව ද?
සුදුහුණු නෙවෙයි බං. ඒක තමයි යථාර්ථය. සත්‍යය. අද කිව්වයි කියලා හිතා ගනින්. මහින්ද රාජපක්ෂ මහතාට සාමයට දෙන නොබෙල් තෑග්ග හම්බ වුණත් මම පුදුම වෙන්නෙ නැහැ එදාට මම ආයෙත් සුබ පතනවා.
---------------------------


1 OfkaYajr md,k .ek m;=re .eyqj" mSä; mx;sh fjkqfjka l÷¿ fy,mq" 88-89 >d;kh jqkq ;reK Ôú; m;a;r j, w;=rmq iqks,a udOj we|x ysáh iru ;uka úiska u lvd oeóu'
2 È. jeä jqjo ,smsh iïmQ¾kfhka u oeuqfõ iqks,a udOj f.a jkaokdlrejkag lshjkq msKsih'

No comments:

Post a Comment