A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - Agust 31, 2009

මෙය ජාතියටම කළ අවමානයකි
ගාමිණී ෆොන්සේකා සිනමා සක්‌විති වන විට මාලනී ෆොන්සේකා අපට නිළි රැජිණය. නමුත් මේ අග්‍රගණ්‍ය කලාකරුවන්ට වද දෙන ඔවුනගේ වස්‌තූන් සොරා ගන්නා වනචාරියෝ පිරිසක්‌ අප සමග ජීවත්වෙති.

නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ මාලබේ, සුසිලාරාම පාරේ පිහිටි නිවස කඩා ඊට ඇතුල්වූ කාලකණ්‌ණියෝ පිරිසක්‌ ඇය සතුව තිබූ රන් භාණ්‌ඩ, මුදල් පමණක්‌ නොව මිල කළ නොහැකි සම්මානද මෙකී නරුමයන් විසින් සොරාගෙන යනු ලැබ ඇත.

ශ්‍රී ලාංකික නිළියක්‌ විසින් ලබාගත් පළමු හා ඉහළම ජාත්‍යන්තර සම්මානය වන "ටෂ්කන්ට්‌" සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා චිත්‍රපට නිෂ්පාදකයන් විසින් මාලනී ෆොන්සේකා නිළි රැජිණට ලබාදී තිබූ "රනින් නිමවූ" නෙළුම් මලක හැඩය ගත් සම්මානයද මේ ජඩ නීච සොරු සොරාගෙන ගොස්‌ සිටිති.

මේ නිළිය අකුරු කළේ කැලණි ගුරුකුල විද්‍යාලයේය. ගුරුකුලයේ සිප් සතර හදාරා සිංහල සිනමාවේ නිළි රැජිණ වී ජාත්‍යන්තර සම්මානවලින් පුදලත් ඇයට ගුරුකුලයෙන් පිරිනැමූ පවුම් තුනක මාලය සහ සම්මානය මෙන්ම ඇයගේ හතළිස්‌ වසරක රංගන දිවියට ලබාදුන් සම්මානයද මෙම නීච, අධම කාලකණ්‌ණි සොරු විසින් රැගෙන ගොස්‌ ඇත.
මේ අශිෂ්ට හොරු නඩය විසින් උදුරා සොරාගෙන යන ලද්දේ ඇගේ ජීවිතයයි. මෙවන් රටක රසිකයන් පිනවමින් තමන් විසින් ගෙවන ලද ජීවිතයේ අර්ථය කුමක්‌දැයි මොහොතකට හෝ සිතිය හැකිය. කවර ගණයේ සොරෙකුටවත් මේ සම්මාන සොරාගෙන යා හැකිද? අධමයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසියට නොහැකිද?

මේ හොරුන්ට පැනයැමට හෝ වහංවීමට ඉඩ දිය යුතු නැත. මේ වර්ගයේ තක්‌කඩියන් අල්ලා නීතිය ඉදිරියට රැගෙන යැම මාලනී ෆොන්සේකා නමැති අග්‍රගණයේ කලා රැජිණට කරන උපහාරයක්‌ද වේ.

අපි මේ පිළිබඳව ජනාධිපතිතුමාගේද අවධානය යොමු කරවමු. ඔබතුමාගේද නොමඳ ගෞරවයට පාත්‍රවූ මේ කලාකාරියගේ ජීවිතයේ ඉතිරිව තිබෙන එකම සතුට හොරුන්ට රැගෙන යැමට ඉඩදිය හැකිද? දැන් මේ පුවත රටින් රටටද ගොසින්ය. මේ වර්ගයේ නරුමයන් සිටියත් මේ රට උතුම් මිනිසුන් සිටින රටක්‌ බව අපි ලෝකයාටම පෙන්වමු. මේ සම්මාන හොරු පරාජය කළ යුතුය. නැතහොත් මේ අවමානය ඇයට නොව ජාතියටමය.
පසුබිම් වාර්තා 
නාරද නිශ්ශංක සහ අජිත් අලහකෝන්
-------------------------------------
nqÿ wïfï flaka;s .syska ;sfhk ;ru' Wäka fndaïn w; wer,d cd;shl me;a;la .,jmq wmsg wjudkhla fldfyo fïlfk wjudkhææ pd pd pd cd;shu bjrhs


No comments:

Post a Comment