රජයට අයවැයක් ගෙන ඒමට සදාචාරාත්මක අයිතියක් නෑ
- විමල් වීරවංශ
පාර්ලිමේන්තුවේ නිල කාලය 2010 අපේ‍්‍රල් මාසයේ අවසන් වීමට නියමිත බැවින් ඉදිරි වර්ෂය සඳහා අයවැයක් ගෙන ඒමට රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.
මේ කාලය තුළ අතුරු සම්මත ගිණුමක් මගින් අදාළ අමාත්‍යාංශ සඳහා මුදල් වෙන්කර ගැනීම යෝග්‍ය බවද ඒ මහතා කීය.ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්වන ඇමැතිවරු සංඛ්‍යාව කොතෙක් දැයි තීරණය කිරීම අපහසු බව පැවසූ ඒ මහතා වග නොකියන කාලයක අයවැයක් ගෙන ඒම නොකළ යුතු බවද ප්‍රකාශ කෙළේ ය. ඊයේ (27) බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ කීය.
දැනට පවතින අමාත්‍යාංශ දෙස බලා මුදල් වෙන් කිරීම තුළත් විශාල ව්‍යාකූල තත්ත්වයක් සිදු වන බව පැවසූ ඒ මහතා මහමැතිවරණයකින් පසුව පත්වන ඇමැති මණ්ඩලය කොතෙක් වේදැයි නිශ්චිතව කිව නොහැකි බවද කීය.
මෙයට පෙරද අයවැයක් සම්මත කර නැවතත් අයවැයක් ගෙන ඒමට සිදු වූ බව පැහැදිලි කළ වීරවංශ මහතා දෙවරක් අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් නාස්ති නොකර නව ඇමැති මණ්ඩලය පත් වූ පසු අයවැය ඉදිරිපත් කිරීම සුදුසු බවද ප්‍රකාශ කෙළේ ය.
______________________________
uy rcd'''jdif,a fufyu lsõjdÆ¡¡¡
Tkak n,mka rdf,a'''.srd fmda;lhd ux lsõj tajf.ka wl=rla j;a jroaokafk ke;=j foid ndk yeá'''
Th jefâg uy .dkla hkjd fkdje
No comments:
Post a Comment